Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd July 2019 08:39:39 Hours

යාපනය ප්‍රදේශයේ ආ‍බාධිත සිවිල් වැසියන්ට රෝද පුටු සහ පාසල් සිසු සිසුවියන්ට පාපැදි බෙදාදේ

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින විදේශිකයන් තිදෙනෙකුගේ මූල්‍යමය දායකත්වයෙන් යාපනය ප්‍රදේශයේ විවිධ ශාරීරික ආබාධ සහිත පුද්ගලයින් සඳහා රෝද පුටු 17 ක් සහ එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල තෝරාගත් පාසල් සිසු සිසුවියන් 12 දෙනෙකු සඳහා පාපැදී ප්‍රදානය කරන ලදී.

එංගලන්තයේ වෙසෙන ආචාර්ය වාසුකි හරිහරන් සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන නිර්මලන් සෙල්වඩොරෙයි හා ප්‍රභා ලෝගනාදන් යන මහත්වරුන් විසින් මෙම රෝද පුටු 17 සහ පාපැදී 12 ලබාගැනිම සඳහා අවශ්‍ය මූල්‍යමය දයකත්වය සැපයුහ. තවද ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සිදු කරනු ලබන මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා එම දානපතීන්ගේ ප්‍රශංසාවද එහිදි පළ කර සිටින ලදී. මෙම පරිත්‍යාග උත්සවය ඉකුත් ඉරිදා (30) දින චුල්ලීපුරම් ප්‍රදේශයේ තෝල්ලපුරම් හි පතානායි වයිරවර්ම් කෝවිල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලීන්ගේ නියෝජිතයෙකු වන රවී මහේන්ද්‍රන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රතිලාභින් සහභාගී විය. Running sports | nike air force 1 shadow , eBay