Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2019 17:13:45 Hours

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කරයි

ජනාධිපති කාර්ය සාධක බලකායේ ‘මත්ද්‍රව්‍ය නිවාරණ’ ජාතික වැඩසටහනට සමගාමීව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමඟ ඒකාබද්ධව යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද ‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් බ්‍රහස්පතින්දා (27) දින කොළඹ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ දී පැවැති අතර ඒ සඳහා යුද්ධ හමුදා නිලධාරීන් 30 ක් සහ සෙසුනිලයින් 210 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම වැඩමුළුව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ සහ තොරතුරු නිලධාරී චාමර ප්‍රදීප් කරුණාරත්න මහතා විසින් මෙහෙයවනු ලැබු අතර මෙම අවස්ථාවට සම්භාවනීය ආරාධිතයෙකු ලෙස අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ආචාර්ය සමන් අමරසිංහ මහතා සහභාගි විය.

තවද, මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයින් ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද, කොළඹ යුද්ධ හමුදා රෝහලේ පරිපාලනය හා නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බී.බී. රන්දෙණිය සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එම්.එම්. කිත්සිරි ද සහභාගි වූහ.

මත්පැන්, දුම්කොළ සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය අවම කර ශ්‍රී ලංකාව සියළුම මත්ද්‍රව්‍යවලින් තොර රටක් බවට පත් කිරීමේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයට අනුව ‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට’ සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරනු ලබයි. පසුගිය මාස කිහිපය තුළ ද යුද්ධ හමුදාව එවැනි මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ආරක්‍ෂක සේනා මූලස්ථාන මට්ටමින් දියත් කර ඇත. url clone | Nike Air Max 270