Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2019 13:43:50 Hours

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් දෙමටන්පිටිය රාජකාරි අරඹයි

සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 7 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින ආගමික වතාවත් මධ්‍යයේ පැවති උත්සවයක දී සිය රාජකාරි කටයුතු අරඹන ලදී.

මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය සිය කාර්යාලයේ දී, සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගත් අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහාභාගි වූහ. ඉන් අනතුරුව, එතුමන් නව ධූරයේ රාජකාරී භාරගැනීම සංකේතවත් කරමින් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල පරිශ්‍රයේ ‘නා’ පැළයක් රෝපණය කරන ලදී. එහිදි, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් නිලධාරීන්ගේ අධ්‍යයන කටයුතු සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කාර්යභාර්ය හා වගකීම පිළිබඳ ඉදිරිපත් කිරීමක් මගින් නව සේනාවිධායක තුමන්ව දැනුවත් කළේය.

මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය කොළඹ නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන අතර ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙස රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් 56 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි ඉටු කරනු ලැබ තිබිණි. තවද, එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ‘වූෂු’ කමිටුවේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ලබයි. Nike air jordan Sneakers | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!