Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th June 2019 12:49:36 Hours

57, 65 සහ 66 වන සේනාංකයන්හි යුද්ධ හමුදා සාමාජිකයින් කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් විනෝදාස්වාදයට පත් කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57, 65 සහ 66 වන සේනාංකයන්හි භටපිරිස් තම බලප්‍රදේශ තුළ පදිංචිව සිටින සිවිල් වැසියන්ට විනෝදාස්වාදය ලබාදීමේ අරමුණින් දැඩි ආරක්‍ෂාවන් මධ්‍යයේ දැවැන්ත සංගීත ප්‍රසංග තුනක් ඉකුත් සෙනසුරාදා (22) දින ධර්මපූරම් ක්‍රීඩාංගණයේ දී, මල්ලාවි මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගණයේ දී සහ පූනරීන් කොටුව පරිශ්‍රයේ දී පැවැත්වීය.

ප්‍රදේශයේ ජනතාව සහ යුද්ධ හමුදා සාමාජිකයින් අතර අන්‍යෝන්‍ය අවබෝධය හා සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරගැනීමේ අරමුණින් මෙම සංගීත සැදෑවන් සූදානම් කර තිබු අතර සංගීත සැදෑව ආරම්භකිරිමට ප්‍රථමයෙන් එහි රැස්ව සිටි ප්‍රේක්‍ෂක ජනතාව උද්දාමයට පත් කර ආකර්ෂණය කරගැනීමේ අරමුණින් ගිනිකෙළි සංදර්ශනයක් සහ සුනඛ සරඹ සංදර්ශනයක් ද සූදානම් කර තිබිණි.

ධර්මපුරම් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ භටයින්ගේ අධීක්‍ෂණය යටතේ පවතින කේ -9 ඒකකයේ සුනඛ සරඹ ප්‍රදර්ශනයෙන් ආරම්භ වූ අතර එයට සහභාගී වූ සුනඛයින්ගේ විශිෂ්ට දස්කම් ප්‍රේක්ෂකයින් මවිතයට හා අමන්දානන්දයට පත් කළේය. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු සංගීත කණ්ඩායම විසින් මෙහෙයවන ලද සංගීත සංදර්ශනය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් සයදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද ගිනිකෙළි සංදර්ශනය, 6 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ (Beat Group) සංගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද මධුරමනෝහර සංගීත සංදර්ශනය එහි රැස්ව සිටි හයසියයකට අධික ප්‍රේක්ෂක පිරිස ප්‍රීතිමත් කළහ.

මෙම උත්සවය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස් හේවාවිතාරණ සහ 572 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.එම්.පී.පී දසනායක ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මනාව සංවිධානය කර තිබිණි.

මේ අතර, තවත් එක් කේ-9 ඒකකයේ සුනඛ සරඹ ප්‍රදර්ශනයක් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ මඟ පෙන්වීම යටතේ මල්ලවි සෙන්ට්‍රල් විද්‍යාල භූමීයේදී ඉකුත් සෙනසුරාදා (22) දින පෙරවරුවේ පැවැත්විණි.

මෙහිදි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ කේ 9 ඒකකයේ සුනඛයන් 13 දෙනෙකු ප්‍රදර්ශනය අතරතුරදී සිය දක්‍ෂතාවයන් ප්‍රදර්ශනය කළහ. 653 බලසේනාවේ බලසේනාධිතිගේ මඟපෙන්වීම යටතේ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව නැරඹීම සඳහා පාසල් ළමුන් ඇතුළු 1500 කට ආසන්න පිරිසක් පැමිණ සිටි අතර මෙය නැරඹීම සඳහා ඔවුන්ට ලබාදුන් දුර්ලභ අවස්ථාව වෙනුවෙන් ඔවුන්ගේ කෘතඥතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පළ කරනු ලැබිණි.

එමෙන්ම, 66 වන පාබල සේනාංකය විසින් ඉකුත් සිකුරාදා (21) දින සන්ධ්‍යාවේ පූනරීන් කොටුව පරිශ්‍රයේ සංවිධානය කරන ලද ‘පූනරීන් සංගීත රාත්‍රිය’ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ කේ 9 ඒකකයේ සුනඛ සංදර්ශනයන්ගෙන් සහ සංගීත ප්‍රසංගයකින් වර්ණවත් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.ඩි. විජේසුන්දර ගේ ආරාධනයකට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම සහභාගි වූ අතර යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ. තවද, මෙම අවස්ථාව සඳහා ආගමික පූජකවරුන්, රාජ්‍ය නිලධාරීන්, විශේෂ ආරාධිතයින් සහ පොලිස් නිලධාරීන් රැසක් ද සහභාගි වූහ.

කේ 9 ඒකකයේ සුනඛ සංදර්ශනයත් සමඟින් මෙම උත්සවය ආරම්භ වූ අතර සුනඛ සංදර්ශනයෙන් උත්සවය වර්ණවත් විය. ‘සප්ත රංගා’ නර්ථන කණ්ඩායමේ නර්ථනයෙන් හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධි රිද්ම සංගීත කණ්ඩයමේ සංගීතයට දේශීය ගායන ශිල්පී දක්‍ෂ ලෙස ගීත ගායනා කරමින් පැමිණ සිටි ප්‍රේක්‍ෂක ජනතාව අමන්දානන්දයට පත් කල අතර ගිනිකෙළි සංදර්ශනයෙන් මෙම උත්සවය වඩාත් අලංකාරවත් විය. Best Sneakers | Nike SB