Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th June 2019 14:49:36 Hours

57 වන සේනාංකය විසින් සංවිධානය කල දැවැන්ත විනෝදජනක වැඩසටහන සිවිල් වැසියන් දහස් ගණනකගේ ආකර්ෂණය දිනාගනි

මහජනතාව අතර සුහදතාවය, සංහිඳියාව සහ ආරක්‍ෂව පිළිබඳ විශ්වාසය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දැවැන්ත සංගීත ප්‍රසංගයක් සහ විනෝදජනක වැඩසටහනක් ඉකුත් සෙනසුරාදා (23) දින කිලිනොච්චි, පරවිපන්ජාන් ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී. මෙම වැඩසටහනට කේ - 9 සුනඛ සංදර්ශන, ගායන සැසි, ගිනිකෙළි සංදර්ශන සහ සංගීත ප්‍රසංගයක් ඇතුලත් විය.

මෙහිදි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ කේ-9 ඒකකයේ සුනඛයන් 13 දෙනෙකු ප්‍රදර්ශනයේ දී සිය දක්‍ෂතාවයන් ප්‍රදර්ශනය කළහ. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ අධි රිද්ම සංගීත කණ්ඩායම විසින් දැවැන්ත සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළ අතර එහිදි, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් වර්ණවත් ගිණිකෙළි සංදර්ශනයක් ද ඉදිරිපත් කළහ. 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අධි රිද්ම සංගීත කණ්ඩයම විසින් ඉදිරිපත් කළ අවසාන සංගීත ප්‍රසංගය පැමිණ සිටි ප්‍රේක්‍ෂකයින් අමන්දානන්දයට පත් කළහ. දේශීය ගායක ගායිකාවන්ට මෙන්ම රසිකයින්ට ද යුද්ධ හමුදා අධි රිද්ම සංගීත කණ්ඩායමේ සංගීතයත් සමඟ ගීත ගායනා කිරීමට අවස්ථාව ලබාදුන් අතර මෙම අවස්ථාව නැරඹීම සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් දහසකට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම වැඩසටහන 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ ගේ උපදෙස් මත 571 වන බලසේනාවේ බලසේනාධිපති එස්.ඒ.එන්.ඩි. එදිරිසිංහ ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී. latest Nike release | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf