Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th June 2019 18:03:40 Hours

කිලිනොච්චි ‘සාප්පු සවාරිය - 2019’ සිවිල් වැසියන් දහස් ගණනකගේ ආකර්ෂණය දිනාගනි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි.වි රවිප්‍රිය ගේ සංකල්පයකට අනුව 573 වන බලසේනා මුලස්ථානය විසින් කිලිනොච්චි සිවිල් වැසියන්ට නවීන පන්නයේ නිමි ඇදුම්, ආභරණ හා හස්ත කර්මාන්ත ආදිය සහන මිලකට ලබාගැනීම සඳහා සංවිධානය කරන ලද ‘සාප්පු සවාරිය - 2019’ නම් වූ වෙළඳ ප්‍රදර්ශනය ඉකුත් ඉරිදා (23) දින ඒ 9 මාර්ගය අසල පිහිටි කිලිනොච්චි යුද්ධ හමුදා සුභසාධන වෙළඳ සංකීර්ණ පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම නව වැඩපිළිවෙල කිලිනොච්චි ව්‍යාපාරික ප්‍රජාව අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා මෙන්ම එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට සහන මිළකට විවිධ වර්ගයේ පාරිභෝගික වෙළඳ භාණ්ඩ රිසි අයුරින් මිළදී ගැනීම සඳහා ඉඩ ප්‍රස්ථාව සලසාදීමේ අරමුණින් සංවිධානය කර තිබිණි.

ඒ අනුව, මෙම වෙළඳ ප්‍රදර්ශනයෙන් පාරිභෝගික භාණ්ඩ මිළදී ගැනීම සඳහා දහස් ගණනක් වු සිවිල් ජනතාව අතුරු සිදුරු නොමැතිව එම පරිශ්‍රය වෙත එක්රැස් විය.

මෙම වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ සහභාගි විය. එම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා 573 වන බලසේනාවේ බලසේනාධිපති විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම වැඩසටහනට සමගාමීව රූපලාවණ්‍ය වැඩමුළුවක් සහ දැවැන්ත සංගීත ප්‍රසංගයක් ද පැවැත්විණි.

බොහෝ පෞද්ගලික වෙළඳ සමාගම් මෙම ප්‍රදර්ශනයට සහයෝගය හා අනුග්‍රාහකත්වය දැක්වූ අතර මෙම අවස්ථාවට කාන්තාවන්, සංගීත ලෝලීන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් එක්ව සිටියහ. තවද, මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගී වූහ. best Running shoes brand | New Jordans – Air Jordan 2021 Release Dates , Gov