Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2019 16:22:04 Hours

මහත්මා ගාන්ධීතුමන්ගේ 150 වන ජන්ම දින සංවත්සරය සැමරීම වෙනුවෙන් මධ්‍යම කඳුකරයේ ගස් සිටුවීම ආරම්භ කිරීම සඳහා යුද්ධ හමුදාධීපතිතුමන්ට ඇරයුම්

ඉන්දියාවේ මූල්‍යමය ආධාර ඇතිව නුවරඑළිය ප්‍රදේශයේ නව නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර ඊට සමගාමීව නුවරඑළිය, ඩන්සිනන් වතුයායේ මහත්මා ගාන්ධී පුරම්හීදි ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කෙරිණි. මෙම විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධීපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී වූ අතර උත්සවය අතරතුරදී, යුද්ධ හමුදාධීපතිතුමන් සමඟින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා උපදේශක ඩී. සී. මංජුනාත් මහතා සහ වැවිලි මානව සංවර්ධන භාරයෙහි සභාපති වී. පුත්‍රසිගාමනී මහතා එක්ව ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන්ට ආර්ථික වටිනාකමින් යුත් පැළ 1600 ක් පමණ බෙදා දෙන ලදි.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ කඳුකරයේ නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් මහත්මා ගාන්ධිතුමන්ගේ නමින් නම් කෙරුණු ගම්මානයේ පැළ විශාල වශයෙන් රෝපණය කෙරිණි. මෙම ව්‍යාපෘතිය පසුගිය වසරේදී ඉන්දියාවෙහි ආධාර ඇතිව ආරම්භ කල විවෘත කරන ලදී. මෙම උත්සවයේ සංවිධායකයින් විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පිළිගැනීමත් සමඟම උත්සව කටයුතු ආරම්භ කරනු ලැබිණි. මෙම අවස්ථාවේදී කෙටි දේශනයක් ඉදිරිපත් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පරිසරයේ වැදගත්කම පිළිබඳ සිහිපත් කරන ලදි.

“ඔබේ පෙණහළු සහ ගස් අතර පවතින සම්බන්ධය මෙන්ම ඔබ ආහාර ලෙස ලබාගන්නා ශාක ජලය සමඟ නැවත වගා කරමින් වනාන්තරය සංරක්ෂණය කිරීමෙන් සියළු ජීවීන් පෝෂණය වන බව අප කිසිවෙකුත් අමතක නොකළ යුතුය. මෙම කඳුකර ප්‍රදේශයෙන් ගලා බසින අපගේ ගංගා බොහොමයක් ආරම්භ වන තැන් සිට නැවත වනාන්තරකරණයට ප්‍රමුඛතාවය දිය යුතු වන අතර අපේ පරිසරය මේ වන විට පෙර කවරදාටත් වඩා අනතුරකට මුහුණ දී ඇති හෙයින් අපේ වනාන්තර ආවරණය කිරීම 32% ක් දක්වා ඉලක්කගත ලෙස වැඩි කිරීමට අප විසින් පියවර ගත යුතුය. මෙම අවශ්‍යතාවය සහ වේගයෙන් වෙනස් වන දේශගුණික තත්ත්වයන් සමඟ ඇති වන පාරිසරික පරිහානිය අවබෝධ කරගත් යුද්ධ හමුදාව විසින් ‘තුරුලිය වෙනුවෙන් අපී’ ව්‍යාපෘතිය යටතේ මේ වන විටත් මෙය අභියෝගයක් කොටගෙන ආර්ථිකමය වශයෙන් වැදගත් පැළෑටි වගාකිරීමත් සමඟ මෙම කඳුකර ප්‍රදේශ වලටද මේ වනවිට මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත වෙමින් පැවතීම සතුටට කරුණකි. ”

“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය හා දිගුකාලීන සම්බන්දතාවයෙහි ආරම්භය ඇතිවුයේ බුද්ධාගමේ පැමිණීම සහ හින්දු විශ්වාසයන් මෙන්ම සම්ප්‍රදායන් දිවයින තුළ පෝෂණය කිරීමෙනි. ඉන්දියාව සැමවිටම සැබෑ මිතුරෙකු ලෙස අප සමඟ සිටීමෙන් අපගේ සංස්කෘතික සබඳතා වෙන කවරදාටත් වඩා ශක්තිමත් වූ අතර අවිහිංසාවාදයේ පියා වන මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වන ජන්ම දිනය නිමිත්තෙන් මෙම ගස් සිටුවීමේ ආරම්භක උත්සවයෙහි හවුල්කරුවෙකු වීමට ලැබීම භාග්‍යයක් ලෙස මට හැඟේ. පරිසරය සමඟ සුහදව කටයුතු කිරීමට තම දරුවන් දිරිමත් කරන ලෙසත් අපගේ පරිසරය සංරක්ෂණය කිරීමේ වැදගත්කම ඉස්මතු කරන ලෙසත් මා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. අප රටෙහි මධ්‍යම කඳුකර ප්‍රදේශයේ ගස් සිටුවීමේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මා හට ආරාධනා කිරීම වෙනුවෙන් ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඇතුළු ඇමතිවරුන් මෙන්ම නිලධාරීන් හට මා ස්තූතිවන්ත වෙමි.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කරනු ලැබිණි.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්, රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, වැවිලි මානව සංවර්ධන භාරයෙහි නිලධාරීන්, එක්සත් ජාතික සංවිධානයේ ජනාවාස, ඇල්පිටිය ප්‍රාදේශීය වැවිලි සමාගම ඇතුළුව මෙම කලාපයේ තවත් පාර්ශවකරුවන් විශාල පිරිසක් සහභාගී විය.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ මහත්මා ගාන්ධිතුමන් විසින් ‘සෑම මිනිසෙකුගේම අවශ්‍යතාවයට ලෝකය ප්‍රමාණවත් නමුත් එය සෑම මිනිසෙකුගේම කෑදරකමට ප්‍රමාණවත් නොවේ’ යනුවෙනි. ගස් රෝපණය කරනු ලැබූවේ සොබාදහමට අනුකූලව ඔවුන්ගේ ජීවිතය විඳීමටයි. සොබාදහම අධික ලෙස සූරාකෑම මේ වනවිට ලොව පුරා අවධානයට ලක්වී ඇති හෙයින්, ‘දේශගුණික ක්‍රියාකාරිත්වය’ යන තේමාව යටතේ මෙම වසරේ ජාත්‍යන්තර යෝගා දිනය ද සමරනු ලැබේ. පසුගිය වසරේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය කඳුරට නව ගම්මාන, පොදු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව ඉන්දියාවේ ආධාරයෙන් මහත්මා ගාන්ධිතුමන්ගේ නමින් ඉදිකරනු ලැබු ගම්මානයේ පැළ 1600 ක් රෝපණය කරන ලදී.latest Running Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp