Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2019 13:10:21 Hours

ඉන්දු - ශ්‍රී ලංකා හමුදා සුහද සංචාරය සාර්ථකව අවසන්

ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 159 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ තෙදින සංචාරය නිමාකර අඟහරුවාදා (18) දින දිවයිනෙන් පිටත් වූ අතර ඉන්දියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නියෝජිත පිරිස පෙරළා දිවයිනට පැමිණියහ.

ඉන්දීය නියෝජිත පිරිස ශ්‍රී ලංකාව තුළ සිදුකළ සංචාරය අතරතුරදී, පූජනීය ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගත් අතර පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, ගාල්ල නගරය, වරාය සහ කැස්බෑ අභිජනනාගාරයක් ද නැරඹීය. එමෙන්ම, කුකුලේඟග ‘ලායා ලෙෂර්’ හෝටලයේ දී ඉකුත් සඳුදා (17) දින රාත්‍රියේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සුහද හමුවක් ද පැවැත්විණි. එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම සුහද හමුවේ දී විවිධ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත සංදර්ශණයක් ඉදිරිපත් කරමින් ඉන්දීය නියෝජිත පිරිස අමන්දානන්දයට පත් කරන ලදි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව ද්වීපාර්ශවික හමුදා සුහද සංචාරයක් සඳහා පසුගිය සෙනසුරාදා (15) දින ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ භාර්යාවන් දිවයිනට පැමිණියහ.

දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිස පූජනීය බුද්ධගයාව වන්දනා කිරීමෙන් අනතුරුව සංචාරක වැදගත්කමකින් යුත් ස්ථාන කිහිපයක ද සංචාරය කර ඇත.

දිවයිනෙන් පිටත්ව යන ඉන්දිය හමුදා සාමාජිකයින්ට සුභපැතුම් පිරිනැමීම සඳහා යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සහ ගමන් පාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.අයි. මාරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයට පැමිණ සිටියහ. Asics shoes | Air Max