Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2019 18:19:22 Hours

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට මාස 6 ක සේවා දිගුවක් ලබාදෙයි

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් 2019 ජූනි මස 22 දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට දෙසැම්බර් මස 31 දින දක්වා සේවා දිගුවක් ලබාදී ඇත.‍

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ වනවිට ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරු ද හොබවනු ලබයි. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වර්ෂ 2019 ජනවාරි මස 9 දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කරන ලදි.Nike Sneakers | Men’s shoes