Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2019 18:39:24 Hours

නාත්තන්ඩිය පාසල් සිසුන්ට විල්පත්තුව රක්‍ෂිතයේ සිටුවීම සඳහා පැළ ලබාදෙයි

යුද්ධ හමුදාව විසින් දැනට ක්‍රියාත්මක කරමින් පවතින් ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩසහනට සමගාමීව බදාදා (12) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් විල්පත්තුව රක්‍ෂිතයේ රෝපණය කිරීම සඳහා නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ සිසුන් වෙත පැළ 5,000 ක් ප්‍රදානය කරන ලදී.

කීර්තිමත් විද්වතුන් රැසක් බිහිකර ඇති නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 106 වන සංවත්සරයට සමගාමීව මෙම පැළ භාරදීම සිදුකරන ලදී. යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී පැවැති මෙම පැළ භාරදීමේ අවස්ථාව සඳහා නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ විදුහල්පති එස්.ඒ. අනිල් පුෂ්පකුමාර මහතා, නියෝජ්‍ය විදුහල්පතිනි ඩබ්ලිව්.බී.එන්.පී. රුද්‍රිගෝ, අංශ ප්‍රධානී (9-11) ඒ.එම්.කේ.එම්.එච්. කරුණාතිලක මහත්මිය, ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා නායිකාව සහ ව්‍යාපෘතියේ සංවිධායකවරු වන විද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකු මෙන්ම විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන මේජර් ටී. ජයසේන සහභාගි වූහ.

විල්පත්තුව වන රක්‍ෂිතයේ රෝපණය කිරීමට නිර්දේශිත කුඹුක්, මී, කොස්, මැන්ගුස්, කොහොඹ යනාදී වටිනා පැළ තොගය අදාළ ප්‍රදේශයන් වෙත ප්‍රවාහනය කරවීමටද එම පාසල මගින් කටයුතු යොදා තිබිණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අනාගත පරම්පරාව වෙනුවෙන් මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වටිනාකම පිළිබඳව පාසල් නියෝජිතයින්ට කරුණු පහදා දෙන ලදී. තවද, මෙම ව්‍යාපෘතියට දක්වන දායකත්වය ඇගයුමට ලක් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් පාසලේ ශිෂ්‍ය නායිකාවකට සමරු තිළිණයක් ප්‍රදානය කළේය. මෙහිදී එම රුක් රෝපණ ව්‍යාපෘතියේ පුරෝගාමීයා වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත එකී රුක් රෝපණ ව්‍යාපෘතිය පිළිබඳව වූ විධිමත් නිල ලේඛණයක් භාරදීමටද අදාළ පාසලේ විදුහල්පතිතුමන් විසින් කටයුතු කරන ලදී. Sports Shoes | Marki