Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2019 19:38:49 Hours

ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් රණවිරුවන්ට ආශීර්වාද කරයි.

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හත්දෙනෙකු දෙනකුන් වෙනුවෙන් ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබු උපහාර පිදිමේ උත්සවයක් බදාදා (29) දින මහනුවර ධර්මරාජ විද්‍යාල ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. එම අවස්ථාව සඳහා විශ්‍රාමික විදුහල්පතිවරුන්, ගුරුවරුන්, 1979 වර්ෂයේ ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්, විදුහල්පතිතුමන්, ගුරු මණ්ඩලය, ආරාධිතයින් සහ සිසුන් පිරිසක්ද එක්ව සිටියහ.

තමන් ඉගෙනුම ලැබු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් සංවිධානය කර තිබු “ප්‍රණාම අභිනන්ධන” උපහාරයෙන් පිදුම් ලැබූවේ වැඩබලන නියෝජ්‍ය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කාර්යයාලයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන, ඉඩම් හා දේපළ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සී.එම්.ඩී.පී. චන්ද්‍රසේකර, 14 වන සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් එච්.ඊ.එම්.ආර්.බී.ටී. හත්නාගොඩ, ඉදිරි නඩත්තු පෙදෙස කිලිනොච්චි ආඥාපති බ්‍රිගේඩියර් ඒ.ඩී. ඇල්වත්ත යන යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් වෙතය.

මෙම විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 1979 හා 1980 යන වර්ෂයන්හිදී අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳීමට පෙර අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන්ද සමත් විය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් විදුහල්පතිතුමන් සහ ආදී ශිෂ්‍යයින් විසින් සාදරයෙන් පිලිගැනිමෙන් අනතුරුව සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භ විය. පාසල් තූර්යය වාදන කණ්ඩායම සහ ශිෂ්‍ය භට කණ්ඩායම උත්සවය ආරම්භකිරිමට ප්‍රථම යුද්ධයේ දී උත්තරීතර කැපකිරීම් කළ ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් සිහිගැන්වීම සිදු කරන ලදී. අනතුරුව ධර්මරාජ විද්‍යාලයේ රණ විරුවන් සිහිකරමින් ස්මාරකය වෙත පුෂ්පෝපාහර දැක්විය.

හිටපු විදුහල්පතිවරුන් සහ වත්මන් විදුහල්පතිවරුන් කිහිපදෙනෙකු යුද්ධ හමුදා සේවයේ යෙදි සිටින සියළුම නිලධාරීන්ට ප්‍රශංසා කළහ. අනතුරුව විදුහල්පතිවරුන් එම සම්මාන ලාභීන්ගේ පාසලේ අතීත මතකයන් යළි සිහිපත් කරමින් එම ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රශංසාවට ලක් කළහ.

අනතුරුව, දිවයිනේ විශිෂ්ටතම පාසැල් පරිපාලන නිලධාරියෙකු වුන හිටපු විදුහල්පති ඒ. පී. ගුණරත්න මහතා විසින් විශේෂ ගෞරව සම්මාන සම්මාණ ලාබී සියළු නිලධාරීන්ට පුදකරනු ලැබීය. සපැමිණි සිටි සියලු දෙනාගේ අත්පොළොසන් හඬ මධ්‍යයේ තම මව් බිම වෙනුවෙන් සිදු කරනු ලැබු මහගු සේවය ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත සංකේතාත්මකව සමරු තිළිණ පුද කරනු ලැබීය. අණතුරුව සියළු දෙනා පැවති දිවා භෝජන සංග්‍රහයට එක්විමෙන් පසුව සම්මාණ ප්‍රදානෝත්සවයේ වැඩකටයුතු අවසන් විය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රධාන ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ. Sportswear Design | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp