Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2019 16:31:05 Hours

සංගීත සංදර්ශනයක් පැවැත්වීම වෙනුවෙන් පුර්ණ ආරක්‍ෂාව තහවුරු කිරිමට යුද්ධ හමුදාව විසින් කටයුතු කෙරේ

‘තවුහිත් ජමාත්’ සංවිධානය විසින් අප්‍රේල් මස 21 වන දින එල්ල කරන ලද ත්‍රස්ථ ප්‍රහාරය හේතුවෙන් තවමත් ඇතිවි තිබෙන සැකය හා අවිනිශ්ෂිතභාවය දුරලමින් ශ්‍රී ලංකා පුරවැසියන් අතර සුරක්‍ෂිතභාවයක් ඇති කිරිමේ චේතනාවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රටට පුර්ණ ආරක්‍ෂාව ලබාදීම සඳහා විවිධ ව්‍යාපෘතින් රැසක් ආරම්භකර ඇත.

මේ අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ‘එකට සිටිමු’ වැඩසටහනට අනුව ක්‍රියාත්මක වු සංගීත වැඩසටහනක් සෙනසුරාදා (1) දින අනුරාධපුරය මහජන ක්‍රීඩාංගනයේදී දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ අනුග්‍රහකත්වය යටතේ පැවැත්විණි. මෙම සංගීත සැදෑව ඉකුත් අප්‍රේල් මස 21 වන දින ඇතිවු තත්ත්වය හේතු කොටගෙන බියටපත් මහජනයාගේ මානසික තත්ත්වය සාමාන්‍ය අතට පත්කරවීම අභිලාශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුර්ණ අනුග්‍රහය මත සංවිධානය කර තිබුණි.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සමඟ එක්ව 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයාපතිරණ, සියලුම බලසේනා සහ ඒකකයන් මෙම සංගීත ප්‍රසංගය සාර්ථකත්වය සඳහා දායක වු අතර ජනප්‍රිය ගායන ශිල්පින් සහ නර්ථන කණ්ඩායමක් ද මෙම සංගීත සැදෑව වෙනුවෙන් සහභාගි වුහ.

එමෙන්ම මෙම සංගීත සංදර්ශණයේ වඩාත් උද්වේගකර මෙන්ම ආකර්ෂණිය අවස්ථාවන් මධ්‍යම රාත්‍රීය වන විට උදාවු අතර එම අවස්ථාවේදී පැවති ගිනි කෙළි සංදර්ශණයකින් එම සංගීත සැදෑව නැරඹීම සඳහා පැමිණ සිටි දස දහසකට පමණ ආසන්න පිරිසක් මහත් අමන්දානන්දයකට පත්වුහ.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවති එම විශේෂ සංගීත ප්‍රසංගය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.

මේ අතර, යුද්ධ හමුදා සංගීත කණ්ඩායම විසින් මෙහෙයවන ලද එවැනිම විනෝදාස්වාද වැඩසටහන් රැසක් ඉකුත් ඉරිදා (02) දින පස්වරු 4.30 සිට පස්වරු 7.30 දක්වා බෙල්ලන්විල ශාරිරික ව්‍යායාම මංතීරුවට ආසන්නව පිහිටි ආපනශාලා පරිශ්‍රය අසලදීත් කොළඹ නිදහස් චතුරශ්‍රයේදීත් සිදුකිරිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කටයුතු සංවිධානය කරන ලදී.Nike Sneakers Store | Nike, adidas, Converse & More