Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th May 2019 10:26:52 Hours

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා අනුස්මරණ උළෙලේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවන් දෙදෙනෙකු “ඩග් හැම්ර්ස්ක්ජෝල්ඩ්” (Dag Hammarskjold ) පදක්කමෙන් පිදුම් ලබයි

මේජර් හේමන්ගොඩ වසන්ත දිනේෂ් ජයවික්‍රම හා කෝප්‍රල් ශාකරලාගේ සමන්ත විජේකුමාර යන රණවිරුවන් දෙදෙනා 2018 වර්ෂයේදී මාලි රජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් හී නිරතව සිටියදි බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්‍ෂයට පත්විය. එම වීරෝධාර රණවිරුවන් දෙදෙනා එම රටේ ඩග් හැම්ර්ස්ක්ජෝල්ඩ් (Dag Hammarskjold ) පදක්කමෙන් පිදුම් ලැබු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක සමිතියේ අන්තර් ජාතික දිනය ඉකුත් සිකුරාදා (25) දින පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගෘර්ස් විසින් 1948 සිට ත්‍රස්තවාදී ප්‍රහාරයන් හේතුවෙන් සිය ජීවිත අහිමිවූ සියලුම එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවන්හී සාමජිකයින් හට සිය ගෞරව ප්‍රණාමය පුද කරන ලද අතර, ඩග් හැම්ස්කස්ජෝල්ඩ් (Dag Hammarskjold) පදක්කම යුද්ධ හමුදාවේ සහ පොලීසියේ මෙන්ම අදාළ සාම සාධක රාජකාරීන්හී නිරත සිවිල් පුරවැසියන් ද ඇතුළුව 119 දෙනෙකුට 2018 සහ 2019 යන වර්ෂයන්හීදි ද ඉතා ගෞරවාන්විත අයුරින් පුද කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව සඳහා වන නිල ඇඳුම් පැළඳ සේවයේ නිරතවන ආරක්‍ෂක හමුදා සාමාජිකයින් සහිත රටවල් අතුරින් අදාළ සාම සාධක ක්‍රියාවලීන් වෙනුවෙන් ආරක්‍ෂක හමුදා සාමාජිකයින්ගේ සේවාවන් සඳහා දායකත්වයක් ලබාදෙන රටවල් අතර ශ්‍රී ලංකාව දැනට 32 වන ස්ථානයේ පසු වේ. මේ අනුව එක්සත් අරාබි සාම සාධක හමුදාව, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව, හයිටි, ලෙබනන්, මාලි, දකුණු සුඩානය හා බටහිර සහරා යන රටවල් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා 676 ක් පමණ වන හමුදා හා පොලිස් නිලධාරීන්ගේ සේවාවන් සඳහා දායකත්වය ලබාදී ඇති බව අනාවරණය වී ඇත.

මෙවර මෙම සම්මානය ඒ වෙනුවෙන් පවත්වනු ලැබු විශේෂ උත්සවයකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් ප්‍රදානය කිරිමට නියමිත අතර අදාල සම්මානයෙන් පිදුම් ලබන ආරක්‍ෂක හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ අයවළුන්ට, කැප්ටන් මෙබයි ඩයැන් පදක්කම සුවිශේෂි විශිෂ්ට හැගීමක්" ලබා දෙනු ඇත. කොංගෝ රජ්‍යයේ එක්සත් සාම සාධක ජනපද දූත මෙහෙවරේ නිරතවෙමින් සිටියේදි ඉකුත් වසරේදි ටැංසානියාවේ සෙසු සාමාජිකයෙකුගේ ජිවිතය බේරා ගැනිමට ගත් ප්‍රයත්නයකදි හදිසි ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්‍ෂයට පත්වූ චැංසි චිටෙටේ නැමති සාමාන්‍ය සෙබලෙකු වෙතද එම සම්මාණය පුදකරනු ලැබීය. මෙවර එම සැමරුමේ ජාත්‍යන්තර තේමාව වී ඇත්තේ “සිවිල් පුරවැසියන් ආරක්‍ෂා කර ගමු” යන්නය.

මෙම වසරේ සැමරුම් උත්සවයේ ගෝලීය තේමාව වන්නේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහ සාමය ආරක්ෂා කිරීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් වරයා පවසන පරිදි සාමාන්‍ය සිවිල් වැසියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරනු ලැබු සාම සාධක මෙහෙයුම්වලට මේ දක්වා වසර 20 ක් පමණ කාළසීමාවක් ගතවී තිබේ. එමෙන්ම අදාළ කර්තව්‍යයන් හී නිරතවන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක භටපිරිස් විශාල ජීවිත අවදානමක් මැද සාමාන්‍ය සිවිල් පුරවැසියන් කාන්තාවන් හා ළමුන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා කටයුතු කරනු ලබයි.

සාම සාධක හමුදාවන්හි සේවය කරන සියලුම පිරිමින් සහ කාන්තාවන්ට එම සාම සාධක ක්‍රියාවලියන්හි නිරතව සිටියදී සිය ජීවිත අහිමි වූ සෙසු සාමාජිකයින් පිළිබඳව අනුස්මරණය කිරිම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක සාමාජිකයින්ගේ ජාත්‍යන්තර දිනය 2002 වසරේදී මහා සම්මේලනය මගින් සම්මත කර පිහිටුවන ලදී.

මේ අනුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් විරුවන් සැමරිමේ දිනය ලෙස 24 වන දිනය නම් කළ අතර ලෝකය පුරා එක්සත් ජාතීන්ගේ දූත මෙහෙවර සහ කාර්යාල එම සැමරුම මැයි 29 වන දිනට යෙදි ඇති අතර මුළු ලොව පුරා මීට අදාළ සැමරුම් සිදු කිරිමට එක්සත් ජාතීන්ගේ සංවිධාන විසින් කටයුතු සංවිධානය කරනු ඇත. (අනුග්‍රහය: එක්සත් ජාතීන්ගේ කාර්යාලය) Nike Sneakers Store | Nike Air Max 270