Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th May 2019 16:10:19 Hours

මුස්ලිම් සිවිල් සමාජය ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍ර වාරිත්‍ර පවත්වයි

ආගමික සහයෝගීතාවය හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෛනික රාමසාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍රය පසුගිය සෙනසුරාදා (25) දින පස්වරු 5.30 ට කොළඹ නගර සභා ශාලා පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජය විසින් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජයේ සහ කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මීයගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් යුතු යුද්ධ හමුදා සාමාජිකයින් කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර එහිදි 2019 අප්‍රේල් මස 21 දින සිදු වූ ඛේදජනක ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ යාච්ඥාවක් සිදු කෙරිණි.

‘Break-Fast at Sunset’ යනුවෙන් නම් කරන ලද මෙම වැඩසටහන සඳහා ජාති, ආගම්, ස්ත්‍රි පුරුෂභාවය හෝ කිසිදු ජනවාර්ගිකත්වයක් නොසලකා සිවිල් වැසියන් 1000 කට අධික පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජයට අනුව, ශ්‍රී ලාංකීක ජනතාවගේ සහයෝගීතාවය සහ අපගේ සියලු ජනවාර්ගික ප්‍රජාවන්ගේ එකමුතුවේ සාරය හා තීරණාත්මක අවස්ථාවක් විදහා දැක්වීමට මෙන්ම අපේ රටේ ජනතාව වෙනුවෙන් කරන ලද යාච්ඥාවක් ලෙස ‘Break-Fast at Sunset’ යනුවෙන් නම් කරන ලද මෙම වැඩසටහන පැවැත්වූ අතර ඉස්ලාම් ධර්මයේ සැබෑ ආත්මය විසින් මෙහෙයවනු ලබන නිරාහාරව සිටීම මගින් විවිධ ජනවර්ගවල ජනයා අතර සාමය, ඉවසීම, කරුණාව සහ සුහදත්වය ප්‍රවර්ධනය සිදුකරනු ලබයි.

පසුගිය 21 වෙනි පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව, රටපුරා ‘සහයෝගීතාව’ ඇතිකරලීම වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජය 2019 මැයි 04 වන දින සිට මූලිකත්වය ගෙන කටයුතු කර තිබිණි.

එකමුතුකම හා සහයෝගිතාව සංකේතවත් කරමින් මෙම වැඩසටහන සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්‍ පියල් ද සිල්වා, යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ටි.එස්. බන්සජායා, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චුල අබේනායක, ත්‍රිවිධ හමුදා මුස්ලිම් නිලධාරීන් සහ සෙසුනිලයින් කණ්ඩායමක් මෙන්ම සිවිල් වැසියන් විශාල පිරිසක් ද සහභාගි වූහ. buy footwear | Women's Nike Superrep