Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd May 2019 20:37:10 Hours

අලිමංකඩ රණවිරු ස්මාරකය අසලදී රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ

කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ග්‍රහණයෙන් රට මුදවාගෙන 10 වසරක් සැමරීමේ සංවත්සරයට සමගාමීව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (21) දින අලිමංකඩ රණවිරු ස්මාරකය අසලදී 55 වන සේනාංක මූලස්ථානය විසින් සංවිධානය කරන ලදී.

මෙම සංවත්සර උත්සවය සඳහා සහභාගී වූ බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගම්වල පූජකවරුන් විසින් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ කැපවීම ඇගයුමට ලක් කරමින් ඔවුන් හට ආශිර්වාද කරනු ලැබීය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගී වූ අතර 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කොටුවේගොඩ, 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සේන වඩුගේ, 551 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අසංග පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් ද සහභාගි වූහ.

මෙම අවස්ථාවට සහභාගි වූ 55 වන සේනාංකයේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්තුමන් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කිරීම උත්සවයේ කැපීපෙනෙන අවස්ථාවක් විය. Mysneakers | Air Jordan