Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2019 23:52:59 Hours

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ සදාකාලික මතකයන් ජාතික රණවිරු දිනයේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී සිහිපත් කරයි

ජාතික සාමය සහ සංහිඳියාව යථාර්තයක් බවට පත්කරගනිමින් රටේ ඒකීයභාවයත්, සාමාන්‍ය ජනජීවිතවල හෙට දවසත් සුරක්‍ෂිත කරනු පිණිස ක්‍රියාන්විතයේ දී ජිවිත පූජාකල ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ 30,000 කට අධික විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය සාමයේ ‘දසවර්ෂාභිශේක’ සැමරුමට සමගාමීව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම් දින (19 වැනි ඉරුදින) සන්ධ්‍යාවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ විරෝදාර රණවිරුවන් රටේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවයත් ආරක්‍ෂා කරමින් කිසිවෙකු නොසිතු අයුරින් 2009 මැයි මස 18 දින කුරිරු ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීමට අප්‍රතිහත කැපකිරීමක් සිදුකල අතර අසමසම කැපකිරීමක් සිදුකල විරෝදාර රණවිරුවන්ට ගෞරවයක් සහ පිළිගැනිමක් ලබාදීමේ අරමුණින් එදින සිට සෑම වසරකම මැයි 19 වන දින ජාතික රණවිරු සැමරුම් දිනය අභිමානයෙන් යුතුව සමරනු ලබයි.

රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කල මෙවර ජාතික රණවිරු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහභාගි වූ අතර එම අවස්ථාවට සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්ව, රණවිරු සේවා අධිකාරීයේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජන්මික ලියනගේ සමඟින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන සහ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ පැවැති 10 වන රණවිරු සැමරුම් උත්සවයට ආගමික වතාවත්, පූෂ්පෝපහාර පුද කිරීම්, පහන් දැල්වීම සහ හමුදා ගෞරවාචාර පිරිනැමීම් ඇතුළු වැඩසටහන් රැසක් ඇතුළත් විය.

රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුන් සිහිපත් කිරීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා අග්‍රමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ, කථානායක ගරු දේශබන්දු කරු ජයසුරිය, විපක්‍ෂනායක ගරු මහින්ද රාජපක්‍ෂ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගරු එම්. අසාද් එස්. සාලි, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු අර්ජුන රණතුංග, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම්, ආරක්‍ෂක ලේකම්, රාජ්‍ය ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගි වූහ.

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජන්මික ලියනගේ රණවිරු සැමරුම් උත්සව කටයුතු ආරම්භ කරමින් සම්භාවනීය අමුත්තන් සාදරයෙන් පිලිගත් අතර ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කළහ.

උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාවේ රණබෙර, හේවිසි, පුරප්පට්ටු, මඟුල් බෙර, ගැටබෙර ඇතුළු සම්ප්‍රදායික බෙර යොදාගනිමින් ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ තුර්යවාදක කණ්ඩායම් විසින් සිදුකලා වූ රණ බෙර හඬ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ නිර්භීතභාවය සහ අධිෂ්ඨාන ශක්තිය මැනවින් නිරූපනය විය. ඉන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රණවිරු ස්මාරකය අභියසට ගමන් කොට මල්කළඹ තැන්පත් කරමින් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්හට පුෂ්පෝපහාර පුද කරන ලදී.

ශෝකය, වේදනාව සහ සංවේදී බව පිරී තිබුණු මොහොතක ජීවත්ව සිටින අයට තම මතකයන් නැවත සිහිපත් කරමින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ දිවිපිදු රණවිරුවන්ගේ බිරින්දෑවරු ඇතුළු පවුල්වල සාමාජිකයින් රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපාහාර පුද කරමින් රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා කැපවූ විරෝදාර රණවිරුවන් සිහිපත් කළහ.

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුන්ගේ ලඟම ඥාතින් ඔවුන්ගේ ගෞරවය අභිත රණවිරුවන් වෙත දැක්වීම සඳහා ස්මාරකය අභියස පෙළ ගැසි ඔවුන්ගේ මතකයන් අවදිකරමින් අභිත රණවිරුවන් සිහිපත් කර ස්මාරකය පාමුල දණින් නැමි පුෂ්පෝපහාර පුදකරන අවස්ථාව ඉතා හැඟිම්බර මෙන්ම සංවේදි අවස්ථාවක් විය.

ක්‍රමයෙන් අඳුර වැටිමත් සමඟ හමුදා සම්ප්‍රදායන් ආරම්භ විය. හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන ත්‍රිවිධ හමුදා සහ පොලිස් තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය. ජනාධිපතිතුමා සම්භාවනීය අමුත්තන් සමඟ එක්ව දිවිපිදු රණවිරුවන්ට ගෞරව කිරීමක් ලෙස ස්මාරකය අභියස අනුස්මරණ පහන් දැල්වීය.

ත්‍රස්තවාදයට එරෙහි තිස් වසරක් පැවැති කුරිරු යුද්ධයේ දී මාතෘ භූමිය වෙනුවෙන් සිය වටිනා ජීවිත පූජා කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ‘අලෝක පූජාවක්’ පැවැත්විය. affiliate tracking url | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News