Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th May 2019 18:21:05 Hours

වන්නි භටපිරිස්හි මූලිකත්වයෙන් නාවක්කුලම් ගම්මානයේ සිවිල් වැසියන්ට පානීය ජල පහසුකම්

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලින් කණ්ඩායමක් වවුනියාව පරිපාලන කොට්ඨාසයේ ඉතා දුෂ්කර නාවක්කුලම් ගම්මානයේ පානීය ජල පහසුකම් සඳහා නල ළිඳක් ඉදිකරදෙන ලදී.

දුෂ්කර ග්‍රාමීය ගම්මානයක් වන නාවක්කුලම් ගම්මානයේ ජීවත්වන පවුල් 100 කට අධික ප්‍රමාණයක් පානීය ජල හිඟතාවය හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇත.

මෙම මානූෂීය අවශ්‍යතාවය පිළිබඳ නිරීක්‍ෂණය කල වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, කර්නල් ඉන්දු සමරකෝන් ගේ මූලිකත්වයෙන් ආචාර්ය නන්දනී සමරකෝන් මහත්මිය සහ මිතුරන් කණ්ඩායමකගේ සහයෝගය ඇතිව මෙම නල ළිඳ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබාදුන්හ.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත වන්නි ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් පෙළෙන සිවිල් වැසියන්ගේ ගැටළු විසදීම සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරන ලද විවිධ සමාජ සේවා ව්‍යාපෘතිවලින් එකක් ලෙස පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් මෙම නව නළ ළිඳ ස්ථාපිත කර ඇත.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, කර්නල් ඉන්දු සමරකෝන් සහ පරිත්‍යාගශීලි නන්දනි සමරකෝන් මහත්මීයගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (11) දින පැවැති කෙටි උත්සවයකදී නවතමයෙන් ඉදිකරන ලද නල ළිඳ ජනතා අයිතියට පත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 211 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලාල් විජේතුංග, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 211 වන බලසේනා මූලස්ථානයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ. bridgemedia | Nike