Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st May 2019 17:14:08 Hours

නැගෙනහිර සහ බටහිර යුද්ධ හමුදා භටපිරිස් විසින් එරාවූර්, සමන්තුරේ, වාන් ඇළ, සේරුනුවර සහ කොටියාකුඹුර ප්‍රදේශවලින් අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය සොයාගනී

පසුගිය පැය 12 තුළ දිවයින පුරා විසිර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මුස්ලිම් අන්තවාදීන් පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කර ඇති අතර අනෙකුත් සහෝදර කණ්ඩායම් සමග සමීප සම්බන්ධතාවයෙන් යුතුව සේරුනුවර, සමන්තුරේ, එරාවූර්, කල්මුනේ ආදී නැගෙනහිර පළාතේ ප්‍රදේශයන්හී මෙන්ම බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පවතින කොටියාකුඹුර, කෑගල්ල යන ප්‍රදේශයන් වලදී පසුගිය බදාදා (1) දින දහවල් කාලය වන විට ඔවුන්ගේ ත්‍රීවුර සෝදිසි මෙහෙයුම් සහ ක්‍රියාන්විතයන් මගින් සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර පතුරම්, පුපුරණ ද්‍රව්‍ය, ඩෙටනේටර්, කඩු, වයර්, ජෙලග්නයිට් කූරු සහ තවත් යුද උපකරණ ඇතුළු ආයුධ විශාල තොගයක් මෙන්ම සේරුවාවිල බෞද්ධ විහාරස්ථානයේ සවිස්තරාත්මක සිතියමක් ද සොයාගැනීමට සමත් විය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පාලනය වන 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 3 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 24 වන සේනාංකයේ 8 වන සහ 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් අද (1) දින උදෑසන සමන්‍තුරේ පුදේශයේ කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකින් ජෙලග්නයිට් කූරු 200 ක්, කඩුවක්, සේවා නූල් මීටර් 40 ක්, ඩෙටනේටර් 200 ක්, පිස්තෝල 2 ක්, පිස්තෝල උණ්ඩ 20 ක්, T-56 මැගසීන් 1 ක්, T-56 පතුරම් 170 ක්, ඇමෝනියා කිලෝ ග්‍රෑම් 25 පැකට් 4 ක් සහ ලිහිසි තෙල් බෝතලයක් සොයාගනු ලැබිනි. නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ මගපෙන්වීම යටතේ 24 වන සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබිනි.

එසේම, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය 231 වන බලසේනාව සමග එක්ව අද (1) දින එරාවූර් ප්‍රදේශයේ සාමකාමී මහජනතාවගෙන් ලද බුද්ධි තොරතුරු පදනම් කොටගෙන එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදි. ක්‍ෂණිකව ක්‍රියාත්මක කරන ලද ක්‍රියාන්විතයකදී 231 වන බලසේනාවේ සාමාජිකයින් විසින් T-56 මැගසීන් 6 ක්, T-56 උණ්ඩ 362 ක්, GPMG උණ්ඩ 1 ක්, පිහි 2 ක්, කඩුවක් (භාවිතා කල නොහැකි) සහ අත් බෝම්බ 2 ක් (භාවිතා කල නොහැකි) සොයාගනු ලැබිනි. මෙම හදීසි ක්‍රියාන්විතය 4 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් සහ 10 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදු කරන ලදි.

එමෙන්ම, 222 වන බලසේනාවේ භටපිරිස් විසින් ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය දී වාන් ඇල සහ සේරුනුවර ප්‍රදේශයන්හී දි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබිනි. මෙම ක්‍රියාන්විතයේදී වායු රයිෆල් 2 ක්, කඩු 5 ක්, සැක සහිත යතුරුපැදි 3 ක්, දේශියව නිපදවන ලද තුවක්කු 1 ක් සහ සේරුවාවිල විහාරස්ථාන භූමියේ සිතියමක් සොයාගනු ලැබිනි. 222 වන බලසේනාවේ 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුව පැය 6 කට අධික කාලයක් තුළදී මෙම මෙහෙයුම නිම කරනු ලැබිනි.

මේ අතර, 58 වන සේනාංකයට අයත් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය එක්ව කැගල්ල, කොටියාකුඹුර ප්‍රදේශයේ කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී පෙට්‍රෝල් බෝම්බ 11 ක්, වෝල්කි ටෝකි යන්ත්‍ර 2 ක්, විදේශ ගමන් බලපත්‍ර 6 ක්, පිහි 9 ක්, ජංගම දුරකථන 12 ක්, වයිෆයි රවුටර් 4 ක්, අත් බෝම්බ 2 ක්, අත් කාච 8 ක්, කඩු 3 ක්, නන්චකු 1 ක්, දුරදක්න 1 ක්, කොම්පාසු 1 ක් සහ යුද්ධ හමුදා නිළ ඇඳුමට සමාන කාන්තාර සටන් කට්ටලයක කලිසමක් සමග සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලීසිය වෙත භාරදෙන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අණ පරිදි බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හී සමස්ථ මෙහෙයුම් අණදෙන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් හදිසි මාර්ග බාධක, රථවාහන සෝදිසි කිරීම්, සැක කටයුතු ස්ථාන වැටලීම් සහ ඇතැම් ස්ථාන පරික්‍ෂා කිරීම් ආදී ආරක්‍ෂක පියවර රැසක් ක්‍රියාත්මක කරනු ලැබිනි. buy shoes | Women's Nike Superrep