Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2019 15:31:49 Hours

කාලතුවක්කු හමුදාවේ 131 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් එම රෙජිමේන්තුවේ 131 වන සංවත්සරයට සමගාමීව ආගමික වැඩසටහන් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සැමරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (20) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ දිවිපිදු විරෝධාර රණවිරුවන්ට උපහාර පුද කිරීමේ සැමරුම් වැඩසටහන එම රෙජිමේන්තු මූලස්ථාන රණවිරු ස්මාරකය අභියස දී ආරම්භ කල අතර දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් ආරක්‍ෂා කළහ. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියස දී පුෂ්පෝපහාර පුද කරන ලදී.

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, සියලු අණදෙන නිලධාරීන්, සැරයන් මේජර්වරුන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්, සෙසුනිලයින් ඇතුළු දිවිපිදු රණවිරුන්ගේ ඥාතීන් රැසක් දිවිපිදු රණවිරුවන්ට පුෂ්පෝපහාර පුද කිරීම සඳහා එක්ව සිටියහ.

එදින සන්ධ්‍යාවේ වර්ණවත් පෙරහැරකින් මහා සංඝරත්න ‘පිරිත්’ මණ්ඩපය වෙත වැඩම කල අතර අනතුරුව, සේවයේ යෙදීසිටින සියලුම රණවිරුවන්ට ආශිර්වාද එක් කිරීමට සහ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පිං අනුමෝදන් කරමින් පසුදින (21) උදෑසන වන තුරු පිරිත් සජ්ඣායනාවක් සිදුකිරීමට මහා සංඝරත්නයට ආරාධනා කරන ලදී. මෙම අවස්ථාවට මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් මෙන්ම දිවිපිදු රණවිරුවන්ගේ ලඟම ඥාතීන් රැසක් සහභාගි වූහ.

ඉන් අනතුරුව, සංවත්සර වැඩසටහනට සමගාමීව ඉරිදා (21) දින උදෑසන මහා සංඝරත්නය විෂයෙහිලා හීල් දානය පිළිගන්වනු ලැබීය. Running sport media | Marki