Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2019 16:31:28 Hours

3 වන විශේෂ බලකායේ අලුත් අවුරුදු උත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

මීට දින කිහිපයකට ප්‍රථම, මූලතිව් ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සහභාගිත්වයෙන් පසුගිය සිකුරාදා (19) දින මුන්දිමුරිප්පු ක්‍රීඩාංගණයේ දී 3 වන විශේෂ බලකාය විසින් සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් චන්දිමාල් පීරිස් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව, ජනක්‍රීඩා රැසකින් සමන්විත අලුත් අවුරුදු උත්සවය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සියලුනිලයින් සමඟ එක්විය. මෙහිදි යුද්ධ හමුදාධිපතුමන්ට නව අවුරුදු සම්ප්‍රදායන් දැක බලාගැනිමට ද අවස්ථාව ලැබු අතර  සාම්ප්‍රදායික රසකැවිලි සහ කිරිබත් වලින් පිරී තේපැන් සංග්‍රහයක් සඳහා ද යුද්ධ හමුදාධිපතිතුමන් එක්විය.

අලූත් අවුරුදු උත්සවයේ පැවැති තරඟවලින් ජයග්‍රහණය ලැබූවන්ට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නව අවුරුදු ත්‍යාග පිරීනැමීය. Sports Shoes | adidas Yeezy Boost 350