Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th April 2019 16:42:11 Hours

පාකිස්ථානු ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත කණ්ඩායම යුද්ධ හමුදාධිපති සමඟ අදහස් හුවමාරු කරගනි

පාකිස්ථානු ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 17 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරයක් අතරතුර අඟහරුවාදා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

එයාර් කොමදෝරු මුස්තාෆා අන්වර් (Air Commodore Mustafa Anwer) ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස බංගලාදේශ, ඉරානය, නේපාල සහ පකිස්තාන නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් 10 ක්, ගුවන් හමුදා නිලධාරීන් 4 ක්, නාවික හමුදා නිලධාරීන් 2 ක් සහ සිවිල් නිලධාරීයෙකුගෙන් සමන්විත විය.

එයාර් කොමදෝරු මුස්තාෆා අන්වර් (Air Commodore Mustafa Anwer) සහ ලුතිනන් කර්නල් මුහම්මද් ෆයිසාල් (Lieutenant Colonel Muhammad Faisal) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති සුහද සාකච්ඡාවේ දී වෘත්තීය අධ්‍යයන පාඨමාලා පැවැත්වීම හා වර්තමාන පසුබිම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුව අවසානයේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. එමෙන්ම, යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවැති සුහද සාකච්ඡාවෙන් අනතුරුව සම්මන්ත්‍රණ ශාලාවේ දී යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි විසින් යුද්ධ හමුදාවේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ නියෝජිත පිරිස දැනුවත් කළහ.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවැති මෙම සුහද හමුව සඳහා පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලි සමඟින් යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි සහභාගි වූහ.

මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය තුලදී ආරක්‍ෂක ලේකම්, නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවීමට නියමිත අතර ලක්‍ෂමන් කදිරගාමන් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායන් පිලිබඳ අධ්‍යයන ආයතනය, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය ඇතුළු වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට ද නියමිතය. latest jordans | Nike Air Max 270