Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th April 2019 20:57:46 Hours

විදේශීකයින්ගේ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදාව යාපනයේ දී තවත් ප්‍රජා ව්‍යාපෘතියක් දියත් කරයි

යුද්ධ හමුදාවේ දායකත්වය හා කැපවීම මත යාපනය අර්ධද්විපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සුභසාධනය සදහා නව නිවාස, සනිපාරක්‍ෂක පහසුකම්, ගෘහ උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම මෙන්ම අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සුහදශීලි සබඳතා ඔස්සේ ඕමාන්හි පදිංචි මොහාන් ශංකර් මහතා සහ වදනි ශංකර් මහත්මිය ගේ මුල්‍යමය දායකත්වය ඇතිව යාපනය අර්ධද්විපයේ කොඩිකාමම් සහ චුල්ලිපුරම් ප්‍රදේශයේ ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් 3 ක් වෙනුවෙන් රුපියල් මිලියන 3 ක වටිනාකමින් යුත් නව නිවාස 3 ක් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තාක්ෂණික හා ඉංජිනේරු සහය ඇතිව ඉදිකරන ලදි. යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 7 වන ගජබා රෙජිමේන්තුව සහ 15 වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සඳහා සිය දායකත්වය ලබාදී ඇත. අදාළ ග්‍රාමසේවා නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව නව නිවාස ඉදිකරදීම සඳහා මෙම අඩු ආදායම්ලාභි පවුල් 3 තෝරාගෙන ඇත.

එමෙන්ම, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ගේ උපදෙස් මත එම පරිත්‍යාගශිලින්ගේ සහයෝගය ඇතිව අඩු ආදායම්ලාභි පවුල් 10 කට සනීපාරක්‍ෂක ඒකක 10 ක් ඉදිකරදෙන ලදි.

යාපනය අර්ධද්විපයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව සනීපාරක්‍ෂක ඒකක ඉදිකරදීමට 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිය සහයෝගය ලබාදී ඇත.

මෙම ව්‍යාපෘතිය අවසානයේ පලාලි හි පිහිටි යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී මොහාන් ශංකර් මහතා සහ වදනි ශංකර් මහත්මිය විසින් යාපනය අර්ධද්විපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 25 දෙනෙකු වෙත රුපියල් 2500/= බැගින් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදි. මෙම වැඩසටහන යටතේ ඉගෙනුම ලබන සෑම සිසුවෙකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් සෑම මසකම රුපියල් 2500/= බැගින් ලබාදීමට නියමිතය.

පසුගියදා කලවානි ප්‍රජා ශාලාවේදී පැවති නව නිවාස 3 හි යතුරු භාරදීමේ සහ දිළිඳු පවුල් සඳහා ඉදිකළ නව සනිපාරක්‍ෂක ඒකක ලබාදීමේ උත්සවයේදී ගෘහ උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් බෙදාදෙන ලදි.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සහයෝගය ඇතිව 51 සහ 52 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම නව නිවාස තුන ඉදිකරන ලදි.Sportswear free shipping | Women's Nike Air Max 270 trainers - Latest Releases