Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th April 2019 22:39:52 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට සනීපාරක්‍ෂක අවශ්‍යතා සහ වියලි සළාක මලු තොගයක් බෙදාදෙයි

සාමය, සංහිඳියාව සහ සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ සම්භාවය ඇති එක්සත් රාජධානීයේ පදිංචි පරිත්‍යාගශීලින් දෙදෙනෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව යාපනය, ආරියාලයි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 9 කට අවශ්‍ය සනීපාරක්ෂක ඒකක ඉදිකරදීමට සහ අලුත් අවුරුදු සැමරීම සඳහා පවුල් 75 කට වියලි සළාක මලු බෙදාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලදී.

එක්සත් රාජධානියේ පදිංචි ආචාර්ය එම්. වසුකී හරිහරන් මහතා (Dr. Ms Vasuki Hariharan) දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට අලුත් අවුරුදු සැමරීම සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු වියළි සලාක මලු තොගයක් බෙදාදීමට අවශ්‍ය මුල්‍යාධාර ලබාදුන් අතර අඩු ආදායම්ලාභි පවුල් 9 කට සනීපාරක්‍ෂක ඒකක ඉදිකරදීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර එංගලන්තයේ පදිංචි ප්‍රභාලෝගනාදන් මහතා (Mr Prabha Loganathan) විසින් ලබාදෙන ලදී. එමෙන්ම, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ උපදෙස් මත සනීපාරක්‍ෂක ඒකක ඉදිකරදීම සඳහා අවශ්‍ය තක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය 523 වන බලසේනාවේ භටපිරිස් විසින් ලබාදුන්හ.

පසුගිය බ්‍රහස්පතින්දා (11) දින පැවැති මෙම බෙදාදීමේ උත්සවය සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් නියෝජනය කරමින් 523 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නිලන්ත ප්‍රනාන්දු සහභාගි වූ අතර අඩු ආදායම්ලාභි පවුල් සඳහා ඉදිකරනු ලැබු නව සනීපාරක්‍ෂක ඒකක නිල වශයෙන් භාරදෙන ලදී.

523 වන බලසේනාවේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසුනිලයින් සහ ප්‍රතිලාභීන් රැසක් සහභාගි වූහ. latest Nike release | Nike Off-White