Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th April 2019 22:44:01 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපවත්වයි

අතුරුගිරිය - මාලඹේ මාර්ගයේ, 10 කණුව ප්‍රදේශයේ වෙළඳ සැලක සෙනසුරාදා (13) දින සන්ධ්‍යාවේ හදිසියේ හටගත් ගින්නක් පිළිබඳ සැලවූ වාහාම ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ගිනිනිවීමේ භටයින් සමඟ එක්ව කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට සමත්විය.

හදිසියේ ඇතිවූ ගින්න පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව, 14 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 9 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ඩයස් ගුණරත්න ගේ අධීක්‍ෂණය යටතේ නිලධාරීන් 3 ක් සහ සෙසුනිළයින් 20 ක් සමඟින් යුද්ධ හමුදා යතුරුපැදිකරුවන් 3 ක් ගින්න ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා කඩිනමින් යොදවනු ලැබීය.

බස්නාහිර පළාතේ මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය මෙම ගින්නට හේතු වී ඇති බවට විශ්වාස පල කරනු ඇත. bridge media | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals