Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th April 2019 00:00:00 Hours

ලැබුවාවූ 2019 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නව සිතුවිලි, සතුට සහ සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් ඇතුළු සියලු දෙනාහට ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමයෙන් හා සමෘද්ධියෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි !

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව අවුරුදු පණිවිඩය පහතින් දැක්වේ ;

වර්ෂ 2019 ක් වු සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාධිපති විසින් නිකුත් කරනු ලබන සුභාශීංසන පණිවිඩය

ලක්වාසී සියලු සිංහල හා දමිළ ජනතාව විසින් ‌ෙඑතිහාසිකව පවත්වාගෙන එනු ලබන චීරාගත සම්ප්‍රදායානුකූලව සමරනු ලබන සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජික සාමාජිකාවන් වන ඔබ සියලු දෙනා වෙත මාගේ හදපිරි සුභාශිංසනය සතුටු සිතින් මෙසේ පිරිනමමි.

මුලු ලොවටම සිය ශක්තිය මුදාහරින ප්‍රබලතම තාරකාව වු සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟම නව වසර නැතිනම් අලුත් අවුරුද්ද උදාවන බව පෙරදිග තාරකා ශාස්ත්‍රයේ මෙන්ම ජ්‍යෝතිෂ ශාස්ත්‍රයේද පිළිගැනීමයි. එනම්, මෙම උත්සවය සැමරීමේ මුඛ්‍ය පරමාර්ථය නම්, සොබාදහම හා මානවයා අතර පවතින අවියෝජනීය බැඳිම සංකේතාත්මකව ඉස්මතු කිරීමයි. එමෙන්ම වසරක් ගෙවී වසරක් එළඹෙන මේ මොහොතේදී වඩාත් යහපත් මානව ලක්‍ෂණයන් හා ගුණධර්මයන් වර්ධනය කර ගනිමින් වඩා යහපත් ඉදිරි වර්ෂයකට අවශ්‍ය අඩිතාලම සකස් කරගැනීම මෙම සංස්කෘතික කළා මංගල්‍යයේ මුලික අරමුණයි.

එනම් මෙහිදී සියලු ලක්වාසී සිංහල හා දමිළ ජනතාව එකම සුභ මුහුර්තයකදී තම ආගමික වතාවත්හි නිරත වෙමින් එකම අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම තුළින් අන්‍යෝන්‍ය සහයෝගීතාවය ප්‍රකට කරයි. එනම් කිසිදු ජාති, ආගම්, කුළ භේදයකින් තොරව සියලු දෙනා එක්ව සංහිඳියාවෙන් හා සමානාත්මතාවයෙන් යුක්තව සමඟියෙන් ජිවත් වීමට අවශ්‍ය පිටුබලය සැපයීම මෙම සංස්කෘතික මංගල්‍යයේ සැබෑ පරමාර්ථය වේ.

එනම් සාමයෙන් හා සංහිඳියාවෙන් එකම රටක පුරවැසියන් ලෙස ජිවත් වීමට අවශ්‍ය නිදහස් නිවහල් වටපිටාව රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිරන්තරයෙන් කටයුතු කරයි. යුධමය වාතාවරණය තුළ මෙන්ම අද පවතින සාමකාමී වාතාවරණය තුළද අනාගතයේදී ද යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සුවිශේෂි කාර්යභාරයක් කිරීමට ඇප කැප වේ. ඒ නිසාම ශ්‍රී ලාංකික ජනතා හදවත් තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව “රට රකින ජාතිය” ලෙස ගෞරවයට පාත්‍ර වේ. එසේ ජනතාව ඔබ වෙනුවෙන් තැබු විශ්වාසය තව තවත් වැඩි දියුණු කර ගැනීමට ඔබ සියලු දෙනා වගබලා ගත යුතු බව මම මේ මොහොතේදී අවධාරණය කරමි.

මාතෘභූමිය වෙනුවෙන් ඵලදායීව කැප වෙන, විනය ගරුක සෙබළ පිරිසක් ලෙස මේවන විට ඔබ ලබා ඇති ගෞරවනීය ප්‍රණාමය හා විශ්වාසවන්තභාවය තවදුරටත් වර්ධනය කරගනිමින් තමා වෙත පැවරෙන වගකීම් තම උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඉටු කිරීමට ඔබ සැමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව මේ නව වසරේදී ඔබ වෙත නිරන්තරයෙන්ම ලැබේවායි පතන අතර, දේශයේ ස්වෛරීභාවය, නිදහස් නිවහල්භාවය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් යුද්ධයේදී රණක්ෂිතයට පත්ව මේ මොහොත වන විටත් ප්‍රතිකාර ලබන සියලුම සහෝදර යුද්ධ හමුදා සාමාජිකයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටත් මම මෙය අවස්ථාවක් කරගනිමි.

එසේම අප අද භූක්ති විදින සාමය වෙනුවෙන් තම දිවි පිදු රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන්ටත් හිතමිත්‍රාදීන්ටත් වර්තමානයේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සුවිශාල සේවයක් ඉටු කරමින් සිටින සහෝදර යුද්ධ හමුදා සාමාජික, සාමාජිකාවන්ටත් සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ටත් හිතමිත්‍රාදීන් ඇතුලු පවුල්වල සියලු දෙනාටත් ලබන්නා වු අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සියලු යහපත් අපේක්‍ෂා ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ඔබ සැමට සර්ව සුබ සළකුණු ගෙන එන සුබ අලුත් අවුරුද්දක් වේවා!Nike sneakers | Air Jordan Release Dates 2020