Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2019 16:32:42 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් තවත් අඩුආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් පිරිසකට පාපැදි පරිත්‍යාගයක්

යාපනය අර්ධද්වීපයේ දිනපතා පාගමනින් පාසල් යන අඩුආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන්ගේ ප්‍රවාහන දුෂ්කරතාවය ලිහිල් කිරීමේ අපේක්‍ෂාවෙන් යාපනයේ ජනතාවගේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වන පාපැදි බෙදාදීමේ වැඩසටහනක් යාපනයේ දී පසුගියදා පැවැත්විණි.

යාපනය ප්‍රදේශයේ ප්‍රවාහන දුෂ්කරතා සහිත පාසල් සිසුන් පිරිසක් පිළිබඳව දැනුවත්වීමෙන් අනතුරුව, ධානපති පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකුගේ දායකත්වය ඇතිව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථ‍යේ මූලිකත්වයෙන් පසුගිය වසර කිහිපය තුල දුෂ්කරතා සහිත පාසල් සිසුන් සියගණනක් සඳහා පාපැදි පරිත්‍යාග කිරීමේ මානුෂීය ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කළහ.

ඒ අනුව, යාපනය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (6) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී යාපනය අර්ධද්වීපයේ තවත් අඩු ආදායම්ලාභී පවුල් 10 ක සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් සපුරාලමින් පාපැදි 10 ක් ප්‍රදානය කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව මෙම පාපැදි 10 ප්‍රදානය කිරීම සඳහා විශ්‍රාමික මේජර් අජිත් අබේවර්ධන සහ සුජාන් අබේවර්ධන මහතා විසන් සිදු කළහ. මෙම පාපැදි බෙදාදීමේ වැඩසටහන සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අම්පාර දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංසදයේ ආරාධිත අමුත්තන් කිහිපදෙනෙකු සහ බොහෝ පරිත්‍යාගශීලීන්, එම ප්‍රදේශයේ ශිෂ්‍යයින්, දෙමාපියන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් බොහෝ පිරිසක් ද සහභාගී වූහ. best Running shoes brand | nike