Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2019 18:26:12 Hours

පාකිස්තාන නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාව සඳහා සහභාගීවන්නන් පිරිසක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

48 වන පාකිස්තාන නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාවේ අධ්‍යයන චාරිකාවේ නිරතවී සිටින නිලධාරීන් පිරිසක් අඟහරුවාදා (9) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවිය.

මෙම අවස්ථාව සඳහා පැමිණී නියෝජිත කණ්ඩායමේ නිලධාරීන් වන රියර් අද්මිරාල් නවීඩ් අහ්මඩ් රිස්වි ‘Rear Admiral Naveed Ahmed Rizvi’, නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී හා උපදේශක මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සහභාගි විය.

නියෝජිත කණ්ඩායමේ ප්‍රධානි ඇතුළු පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක සම්බණ්ධීකරණ නිලධාරී යුද්ධ හමුදා මූලස්ථානයේ සිදු කළ සංචාරයක් අතරතුරදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ සුහද හමුවක් පැවැත්විණි.

මෙම සුහද හමුව අවසානයේ සුහදත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රියර් අද්මිරාල් නවීඩ් අහ්මඩ් රිස්වි ‘Rear Admiral Naveed Ahmed Rizvi’ වෙත සමරු තිළිණයක් පිරිනැමුහ.

මෙම නියෝජිත පිරිසගේ සුහද හමුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුහුණු අධ්‍යක්ෂ ‍ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ද සහභාගි විය.

අනතුරුව යුද්ධ හමුදා මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදි කර්නල් පුහුණු කර්නල් විජේදාස විසින් යුද්ධ හමුදාව පිළිබඳව කෙටි දේශණයක් පැවැත්විය. affiliate link trace | Trending