Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2019 18:35:38 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ අධ්‍යක‍්‍ෂතුමන් වෙත යුද්ධ හමුදාවේ කාර්යය භාර්යයන් පිළිබඳ පැහැදිලි කරයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ලන්ඩනයේ පිහිටි ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මෙන්ම ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක අතර ඉකුත් අඟහරුවාදා (9) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදි සාකාච්ඡාවක් පැවති අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උතුරේ සිවිල් ජනතාව හා යුද්ධ හමුදාව අතර ඇති බැදීම සහ සහයෝගිතාව පිළිබඳ පුළුල් අවබෝධයක් එතුමන් වෙත ලබා දෙමින් අර්ධද්වීපය තුළ සන්නද්ධ හමුදාවන්හි ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව පැහැදිලි කළේය.

එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සේනානායක අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සිවිල් වැසියන්ගේ සුබසාධනය වෙනුවෙන් යුද්ධ හමුදාව කැපවුණු ආකාරය සහ ජීවන තත්ත්වයන් නංවාලීම සඳහා දියත් කරන ලද විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබු ආකාරය පිළිබඳ විස්තර කරමින් අධ්‍යාපන, කෘෂිකර්ම සහ අනෙකුත් සමාජ ආර්ථික අවශ්‍යතා, නිවාස ඉදිකිරීම, සහන භාණ්ඩ සහ අත්‍යවශය ද්‍රව්‍යය සැපයීම, කෘෂිකාර්මික ආධාර, පාසැල් අවශ්‍යතා, පාපැදි යනාදිය ආදිය පිළිබඳව මෙන්ම යුද්ධ හමුදාව විසින් ලෝක වාර්ථාවක් ලෙසින් ප්‍රචණ්ඩත්වයෙන් තොර ජීවිතයක් ගත කිරීම සඳහා සටන්කාමීන් 13,000 ක් පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති බවද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහිදි ප්‍රකාශ කර සිටියේය.

එහිදි විමසුමට පිළිතුරු වශයෙන්, යුද්ධ හමුදාධිපතිතුමන් පෙන්වා දුන්නේ නවීන තාක්ෂණික හා සන්නිවේදන නවෝත්පාදනයන් ව්‍යාප්තිය ඔස්සේ ඉතා සුළු මොහොතකදි අන්තවාදි සුළු පිරිසක් විසින් සාමකාමී සමාජයකට බාධා කළ හැකි බවයි. තවද රටේ ඕනෑම ප්‍රදේශයක හමුදා මැදිහත්වීම සම්බන්ධ ගැටළු කිසිවක් සම්බන්ධයෙන් වැඩි විස්තර සහ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය වුහොත් ස්වාධීණ පර්යේෂණයක් තුළින් විසදුමක් ලබාන්නා ලෙස ඇලන් කීනාන් ‘Mr Alan Keenan’ මහතාගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ප්‍රධාන කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහ විදේශ කටයුතු මෙහෙයුම් අධ්‍යක්ෂ (බ්‍රිගේඩියර් ප්‍රතාප් තිලකරත්න) ද එක් වූහ. Sports Shoes | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival