Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th April 2019 14:29:09 Hours

යුද්ධ හමුදා ඉංජිනේරු බලකා සාමාජිකයින් හට සුමුදු තෙල් ඉතිරුම් ආපඳා සම්බන්ඳව ‘SPILLEX’ පෙරහුරුවක්

සමුද්‍ර පරිසර ආරක්‍ෂක අධිකාරියේ හදිසි තෙල් විසිරීම පිළිබඳ ජාතික සැලැස්ම (NOSCOP) (MEPA) සමඟ එක්ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබු ‘SPILLEX’ පෙරහුරුව පසුගියදා ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ලෝකයේ ප්‍රධාන මුහුදු මාර්ග ආසන්නයේ තර්ජනයක්ව පවතින තෙල් ඉහිරුම් ආපදා කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා සුදානමින් සිටීමට ‘SPILLEX’ පෙර පුහුණුව සැලසුම් කර ඇත.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් වෙරළබඩ ප්‍රදේශයේ දෙදිනක් පුරා පැවැත්වූ මෙම පුහුණු අභ්‍යාසය සඳහා ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක මණ්ඩලය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ ගිනි සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් එක්විය.

‘SPILLEX’ ආපදා ප්‍රතිචාර සඳහා සමස්ත ක්‍රියාන්විත සැලැස්ම සකස් කිරීමේ මෙහෙයුම් අංශයේ ප්‍රධානී ලෙස බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර කටයුතු කරන අතර ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ 14 වන න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ අණදෙන නිලධාරි සහ ඉංජිනේරු බලසේනාවේ බලසේනා මේජර්, එක්ව අභ්‍යාසය හා අදාළ සාකච්ඡාවන් සඳහා ක්‍රියාකාරීව දායකත්වය දැක්විය.

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ 14 වන න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ භටපිරිස් වැල්ලවත්ත ප්‍රදේශයේ මුහුදු මාර්ගයේ නැවක සිදුවූ අනතුරක් හේතුවෙන් වෙරළට එක්වූ රාසයනික ද්‍රව්‍ය ඉවත් කිරීමේ පෙර පුහුණු අභ්‍යාසයක නිරතවූ අතර එහිදි 9 වන ගැමුණු හේවා බළඇණියේ සහ 9 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් දෙහිවල ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලදී.

5 වන ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් අභ්‍යාසය සඳහා සහභාගීවූ භටපිරිස් වෙත සන්නිවේදන පහසුකම් ලබාදුන් අතර 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් ප්‍රථමාධාර පහසුකම් ලබාදුන්හ. spy offers | jordan Release Dates