Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2019 18:19:29 Hours

යාපනයේ භටපිරිස්හි මූලිකත්වයෙන් අඩු ආදායම් පවුල් දෙකකට තවත් නිවාස දෙකක් ඉදිකරදෙයි 

යාපනය, සෝලිපුරම් ප්‍රදේශයේ නිවසක් නොමැතිව දුෂ්කරතා මධ්‍යයේ ජිවත්වන පවුල් දෙකක් පිළිබඳ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වෙත දැනුම්දීමෙන් අනතුරුව, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් නව නිවාස දෙකක් ඉදිකරදෙන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 සහ 52 වන සේනාංක බලප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවාස දෙක යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (07) දින පැවැති උත්සවයකදී නිවාසලාභින් වෙත භාරදුන්හ.

මෙම නිවාස යාපනය ආරක්‍ෂක සේනා මූලසථානය විසින් වෙන් කරන ලද මූදල් යොදාගනීමින් 512 සහ 521 වන බලසේනා යටතේ ස්ථාපිත 14 වන ගජබා රෙජිමේන්තුවේ සහ 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලදී.   

මෙම පවුල්වල අහසුතාවයන් පිළිබඳ අදාළ ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරීන්ගෙන් තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහයෝගය ඇතිව මෙම නිවාස දෙක ඉදිකරදුන්හ.

මෙම නිවාස භාරදීමේ අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, 52 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජි.ජේ.එල්. වඩුගේ, අනෙකුත් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසින් රැසක් සභභාගි වූහlatest jordans | Men’s shoes