Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2019 23:48:01 Hours

571 වන බලසේනාව විසින් සංවිධානය කල ‘ටී. රාසනායගම් අනුස්මරණ පාපන්දු තරඟාවලියේ’ ශූරතාවය උදයතාරුකී ක්‍රීඩා සමාජ කණ්ඩායමට

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් හා මඟපෙන්වීම මත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාපන්දු කණ්ඩායම් 36 කගේ සහභාගීත්වයෙන් ටී. රාසනායගම් අනුස්මරණ පාපන්දු තරඟාවලිය දෙවන වරටත් 57 වන සේනාංකය විසින් සංවිධානය කරන ලදී.

මෙම තරඟාවලියේ අවසන් තරඟය පසුගිය සෙනසුරාදා (06) දින සන්ධ්‍යාවේ පරවිපන්ජාන් පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එම අවස්ථාවට කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම, 571 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ. මෙම තරඟාවලිය මාර්තු මස 28 දින ආරම්භ වූ අතර කණ්ඩායම් 36 ක් අතුරින් හොඳම කණ්ඩායම තෝරාගැනීම සඳහා තරඟ 34 ක් පැවැත්විණි.

57 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්ගේ සහ අණදෙන නිලධාරීන්ගේ උපදෙස් මත 571 වන බලසේනාව සහ 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී.

තරඟාවලියේ අවසන් තරඟය සඳහා උදයතාරුකී ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ උලුතිරුපුරම් ක්‍රීඩා සමාජ කණ්ඩායම තරඟ වැදුණි. කෙසේ වෙතත්, තරඟය අවසානයේ තරඟාවලියේ ශූරතාවය උදයතාරුකී ක්‍රීඩා සමාජ කණ්ඩායමට හිමිවිය. Nike air jordan Sneakers | Nike