Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th April 2019 14:28:09 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පවුල් 385 කට දහස්ගණනින් වටිනා සහන ද්‍රව්‍ය බෙදාදෙයි

‘මිනිසාගේ ප්‍රධානතම රාජකාරිය වනුයේ මිනිසාට සේවය කිරීම’ යන තේමාව පෙරදැරීව යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය ‘උත්තරීතර චිං හායි ජාත්‍යන්තර සංගමය’ සමඟ සහයෝගයෙන් යුතුව මෑතකදි ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ සහ අවතැන්වූ පවුල් 385 කට සහන සැලසීමේ තවත් මහා පරිමාණ මානව හිතවාදී මානුෂීය ව්‍යාපෘතියක් පසුගියදා යාපනය ආර්ධද්වීපයේ දී දියත් කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 551, 552 සහ 553 වන බලසේනාවන්හි සහයෝගය ඇතිව ශාමිනි කොටුවේගොඩ මහත්මීය විසින් සම්බන්ධිකරණය කරනු ලැබු මෙම පරිත්‍යාග වැඩසටහන 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කොටුවේගොඩ විසින් සංවිධානය කරන ලදී. යාපනය නෙල්ලිඅඩි මහා විද්‍යාලයේ දී සහ ඉත්තාවිල් මහා විද්‍යාලයේ දී සෙනසුරාදා (06) දින පැවැති මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි විය.

ආධාර සපයන ආයතනයේ සම්බන්ධීකාරක, ලෝරන්ස් ප්‍රනාන්දු මහතා ඇතුළුව විදුරි ප්‍රනාන්දු මහත්මීය, ක්‍රිෂාන්ති ප්‍රනාන්දු මහත්මිය, සංජීව ගුණරත්න මහතා සහ මෙරිල් ප්‍රනාන්දු මහතාගෙන් සැදුම්ලත් ‘උත්තරීතර චිං හායි ජාත්‍යන්තර සංගමය’ විසින් මෙම පරිත්‍යාග වැඩසටහන අතරතුරදී සෑම පවුලකටම වියලි සළාක මලු සමඟින් විදුලි රයිස් කුකර ලබාදුන්හ. මෙම පරිත්‍යාග වැඩසටහනේ දී රුපියල් 7000/= ක වටිනාකමින් යුතු භාණ්ඩ තොගයක් සෑම පවුලක් වෙතම පරිත්‍යාග කළහ.

මෙම පරිත්‍යාග වැඩසටහන් සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, නැගෙනහිර පළාතේ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ ප්‍රතිලාභි පවුල්වල සමාජිකයින් රැසක් සහභාගි වූහ. Nike footwear | Nike Air Force 1 , Sneakers , Ietp STORE