Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2019 23:58:01 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා නව ආඥාපතිතුමන් බලප්‍රදේශයේ නිල සංචාරයක

නව ධූරයේ රාජකාරි භාරගත් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය අප්‍රේල් මස 4 සහ 5 දිනයන්හි 65 වන සේනාංකය ඇතුළු ඒ යටතේ ස්ථාපිත බලසේනා හා ඒකකයන්හි සංචාරයක නිරත විය.

65 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ව, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පිරීනමනු ලැබූ කඳවුරු සම්මාන මුරය ආඥාපතිතුමන් විසින් පසුකරගෙන යන ලදී.

ඉන් අනතුරුව, 65 වන සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා හා ඒකකයන්හි මෙහෙයුම් හා පරිපාලන කටයුතු සම්බන්ධයෙන් කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් විසින් ආඥාපතිතුමන් දැනුවත් කළහ. මෙහිදි, යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතූ ආඥාපතිතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එක්විය. ඉන් අනතුරුව, ආඥාපතිතුමන් නවතමයෙන් ඉදිකල ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු ක්ෂේත්‍ර වැඩපල විවෘත කල අතර බඩඉඟුරු වගා ප්‍රදේශයේ, ගල් අඟුරු ව්‍යාපෘතියේ සහ අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.

අනතුරුව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් මුලන්කාවිල් සහ ආලන්කුලම් ප්‍රදේශයේ ස්ථානගත 651 සහ 653 බලසේනා මූලස්ථානයන්හි සංචාරය කළහ. අනතුරුව, නව ආඥාපතිතුමන්, 651 සහ 653 වන බලසේනාව යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 11 වන (ස්වේව්ඡා) ගජබා රෙජිමේන්තුවේ සංචාරය කළහ.

එමෙන්ම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා නව ආඥාපතිතුමන් අනවිලන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 652 වන බලසේනා මූලස්ථානයේ සංචාරය කළහ. බලසේනාධිපති කර්නල් ප්‍රභාත් කොඩිතුවක්කු 652 වන බලසේනාවේ භට පිරිස්හි කාර්යභාරය පිළිබඳ නව ආඥාපතිතුමන් දැනුවත් කළහ. ඉන් අනතුරුව ආඥාපතිතුමන්, භට පිරිස් ඇමතූ අතර සියලුනිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එක්විය. එමෙන්ම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 652 වන බලසේනාව යටතේ ස්ථාපිත 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු බල ප්‍රදේශයේ සංචාරය කළහ. බලප්‍රදේශයේ සංචාරයක නිරතවූ ආඥාපතිතුමන් මෙම සංචාරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයන්හි පැළ රෝපණය කල අතර විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ ද සටහන් තැබීය. Nike Sneakers | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth