Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2019 17:55:24 Hours

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ කසල කන්දක හදිසියේ ඇතිවූ ගින්නක් යුද්ධ හමුදා සාමාජිකයින් මැඩපවත්වයි

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ කසල කන්දක අද පස්වරුවේ හදීසියේ ඇතිවූ ගින්නක් පිළිබඳ සැලවූ වහාම ගිනි නිවීමේ හමුදාව සහ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමජිකයින් යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.

හදිසියේ ඇතිවූ ගින්න පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව, 14 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා නිලධාරීන් 2 ක් සහ සෙසුනිළයින් 25 ක් සමඟින් යුද්ධ හමුදා යතුරුපැදිකරුවන් 5 ක් ගින්න ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා කඩිනමින් යොදවනු ලැබීය. බස්නාහිර පළාතේ මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය මෙම ගින්නට හේතු වී ඇති බවට විශ්වාස පල කරනු ඇත. Sports Shoes | balerínky