Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2019 09:39:16 Hours

යුද්ධ හමුදා ප්‍රධානී දියතලාවේ පැවති මිත්‍රශක්ති යුද අභ්‍යාසයේ යෙදි සිටින ඉන්දියන් යුද්ධ හමුදා භටයින් අමතයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පසුගිය සෙනසුරාදා (30) දින දියතලාවේ පැවැත්වූ මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය නිරික්‍ෂණය කිරිමේ සංචාරයක නිරතවිය. එහිදී ඉන්දියානු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් ඉදිරිපත් කළ උපක්‍රමික සරඹ සංදර්ශණයක් හා ඉන්දියානු යුද්ධ හමුදා භටයින් විසින් ත්‍රස්තවාදී ලෙසින් ත්‍රස්ත කඳවුරු වටලා ප්‍රහාරායක් දියත් කරන ආකාරය ද නැරඹීය.

මෙම ඒකාබද්ධ යුද අභ්‍යාස වැඩසටහනේ අරමුණ වනුයේ යුද අභ්‍යාස පිළිබඳ දෙරටේ හමුදාවන් ගේ මෙහෙයුම් සහ අත්දැකීම් මෙන්ම විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමය. එහි ප්‍රථිඵලයක් ලෙස ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාව අතර සහයෝගීතාව වර්ධනය කරමින් වසර 7 ක් පුරා මෙම යුද අභ්‍යාසය පැවැත්විය. එම අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද අභ්‍යාස අධ්‍යක්‍ෂ බ්‍රි‍ගේඩියර් කුමා ජයාපතිරණ විසින් උණුසුම් අයුරින් පිළි ගැනිමෙන් අනතුරුව දිනයේ යුද අභාසයන් පැවැත්වෙන ස්ථානය වෙත කැටුව යන ලදි.

එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් ඉන්දීය හමුදා සාමාජිකයන් අමතමින් වෘත්තීමය හමුදාවක් වශයෙන් දෙපාර්ශවයට පුහුණුව ලබා දෙමින්, යහපත් අසල්වැසි සබඳතාවන් හා එකිනෙකා අතර සුහදතාවය ප්‍රවර්ධනය කරමින් කලාපය තුළ සාමය ඇති කිරීමට උත්සාහ කිරිම තුළින් දෙරට අතර පවත්නා අන්‍යෝන්‍ය වශයෙන් හොඳහිත තවදුරටත් ශක්තිමත්ව තබාගැනීමට හැකිබව ප්‍රකාශ කළේය. තවද රටවල් තුළ පවතින දැවැන්ත හා විවිධාකාර මෙහෙයුම් අත්දැකීම් සහිතව වෘත්තීමය වශයෙන් නිපුණත්වයකින් යුතුව පත්වාගන යෑම තුළින් හදිසි තත්වයක් ඇතිවිය හැකි ඕනෑම අවස්ථාවකදී ඊට පහසුවෙන් ප්‍රතිචාර දැක්වීමට හැකි බවද එතුමන් විසින් එහිදි වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

දියතලාව ප්‍රදේශයේ සිය සංචාරය අතරතුර, යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ පුහුණුවීම් පිළිබඳව අදහස් හුවමාරු කර ගත් අතර එහිදි ඉන්දියන් යුද සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාවේ වර්ෂිකව පවත්වන මෙම යුද අභ්‍යාසයේදි ඔවුන් හට දැක්වූ සත්කාරයන් කෙරෙහි ප්‍රශංසා කළහ.

අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත යුද අභ්‍යාසය පැවැත්වීම පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළේය.

මෙම අවස්ථාවේදි ඉන්දියන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන කර්නල් පර්තසාර්තී රෝයි (Parthasarathy Roy) හට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමරුතිළිණයක් ප්‍රධානය කළේය. එහිදි මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ අභ්‍යස අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කුමා ජයාපතිරන විසින් යුද්ධ හමුදාධිපතිතුමන් හට මෙම අවස්ථාවට පැමිණිම පිළිබඳව සිය ස්තූතිය පුදකරමින් සමරුතිළිණයක් ප්‍රධානය කරනු ලැබීය.

මේ අතර, සිකුරාදා (29) දින නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර දියතලාවේ මෙම යුද අභ්‍යාසය නිරීක්‍ෂණය කිරිමට පැමිණි අතර, එහිදි එතුමන් විසින් භට පිරිස් අමතමින් ඔවුන් හට මෙම අභ්‍යාසය සාර්ථකව නිම කිරීම සඳහා සිය සුභ පැතුම් එක් කළේය.best Running shoes | Nike Shoes