Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th March 2019 15:59:19 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ප් නුගේරා සිය ධූරයෙන් නික්මයයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නික්මයන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ප් නුගේරා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කර නික්ම යන මේජර් ජෙනරාල් රැල්ප් නුගේරා දසක ගනනක ප්‍රශංසනීය යුද්ධ හමුදා දිවියෙන් සමුගැනීමට නියමිතව ඇත.

අනතුරුව, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි නික්මයන ආඥාපතිතුමන් වෙත 7 වන පාබල හමුදා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

අනතුරුව සරඹ භූමියේ පැවති උත්සවයකදි කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන නිල ධජය 57 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කළ නව කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය වෙත සම්ප්‍රදානුකූලව නිල වශයෙන් භාරදුන් අතර, පසුව පිටත්ව යන ආඥාපතිවරයා සිය කාර්යාලයේදි සමුගැනිමේ සංකේතාත්මක ලියවිල්ල තබා එතුමන්ගේ කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ නිලධාරීන් ඇමතීය.

අනතුරුව මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් හා භට පිරිස් අමතමින් සිය ධූර කාලය තුල ඔවුන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තුතිය පුද කරමින් නව ආඥාපතිතුමන් හටද එලෙසින්ම සහයෝලය ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාව සඳහා එක්වූ ඉදිරි නඩත්තු පෙදෙස කිලිනොච්චි ආඥාපතිතුමන් ඇතුළු 65 සහ 66 වන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා යුද්ධ හමුදා සාමාජිකයින් ගේ සුභපැතුම් මධ්‍යයේ මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයෙන් නිකම ගියහ.buy footwear | Nike