Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2019 11:49:42 Hours

ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ දේශනයක් සඳහා යුද්ධ හමුදා නිලධාරියෙකු හට ආරාධනා

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් 14 වන සේනාංකයේ ප්‍රධාන මණ්ඩලික නිලධාරී ලුතිනන් කර්නල් එම්.බී.බී.එන් හේරත් විසින් පෞරුෂ සංවර්ධනය, කළමනාකරණය හා නායකත්ව ප්‍රවර්ධනය පිළිබඳ දේශනයක් පසුගිය බ්‍රහස්පතින්දා (28) දින එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදි පැවැත්වූ අතර. විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ ඒකකය විසින් ආරම්භ කරන ලද මෙම දේශණය සඳහා අවසන් වසර අධ්‍යන කණ්ඩායමේ සිසුන් පිරිසක් සහභාගී වූහ.

'Touch the Peak' වාර්ෂික වැඩසටහනට සමගාමිව මෙම දේශනය පවත්වනු ලැබු අතර ඒ සඳහා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක්ද සහභාගී වූහ. නැගෙනහිර ආඥාපතිතුමන්ගේ උපදෙස් මත 14 වන සේනාංකය මෙම වැඩසටහන මෙහෙයවීය. Authentic Nike Sneakers | Nike