Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2019 10:49:42 Hours

යුද්ධ හමුදා රෝහලේ වෛද්‍යවරුන් හට උසස් ජීවන ආධාර වැඩමුළුවක්

කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන අංශය සහ රෝහලේ දැඩිසත්කාර ඒකකය මෙන්ම වේදනා කළමණාකරණ ඒකකය ඒකාබද්ධව පවත්වන ලද වසරේ පළමු වැඩමුළුව ලෙස උසස් ජීවන සහය පිළිබඳව එක් දින වැඩමුළුවක් සේවාස්ථ වෛද්‍ය සංසඳය බදාදා (27) දින පවත්වන ලදි.

මෙම වැඩමුළුව වෛද්‍ය විද්‍යාවේ යාවත්කාලීන කිරීම් පිළිබඳව වෛද්‍ය කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා මාසිකව පවත්නු ලබන අඛණ්ඩ වෛද්‍ය අධ්‍යාපන (CME) ව්‍යාපෘතියේ කොටසක් වේ. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආශිර්වාදය ඇතිව යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සංජීව මුණසිංහ ගේ උපදෙස් මත යුද්ධ හමුදා රෝහලේ හිටපු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු විසින් මෙම වැඩසටහන දියත් කරන ලදී.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ නව අධ්‍යක්ෂ කර්නල් නිශාන්ත පතිරණ ගේ උපදෙස් මත පවත්වනු ලැබු දෙවන වැඩමුළුව මෙය වේ. නිර්වින්දන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී කර්නල් ධවල පෙරේරා සහ පාඨමාලා අධ්‍යක්ෂ නිර්වින්දන වෛද්‍ය විද්‍යාඥ ලුතිනන් කර්නල් චම්පික අබේසිංහ, විසින් යුරෝපීය ප්‍රබෝධ කිරිමේ මණ්ඩලයේ මාර්ගෝපදේශණය මත මෙම වැඩමුළුව පවත්වන ලදී.

මේජර් තිළිණ මධුරංග, මේජර් සමීර තිලකරත්න, වෛදය උජිත මධුසංක සහ වෛද්‍ය ෂාන් විද්‍යාසහරන් විසින් වැඩමුළු අතරතුර එවැනි තත්ත්වයන් හදුනාගත හැකි ආකාරය සහ ඒවා වළක්වා ගත හැකි ආකාරය මෙන්ම ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන ලදි.Buy Sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!