Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2019 17:49:41 Hours

541 සහ 542 වන බලසේනාංක මුලස්ථානයන්ට නව කාර්යාල හා නවාතැන් සංකීර්ණයක්

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින කල්ලඩි පිහිටි 541 බලසේනා මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද කාර්යාල සංකීර්ණය හා මන්නාරම ප්‍රදේශයේ පිහිටා ඇති 542 වන බලසේනා මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් හට නවතමයෙන් ඉදිකරන ලද නිවාස සංකීර්ණය එහිදි පැවති කෙටි උත්සවයකදි විවෘත කරන ලදි.

541 වන බලසේනා මූලස්ථානයේ සියලු නිල රාජකාරි ඉටු කිරීම සඳහා දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම නවතමයෙන් ඉදිකරනු ලැබු කාර්යාලය සිවිල් සම්බන්ධීකරණ කටයුතු සිදුකිරිම සඳහා ද උපයෝගි කර ගනී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 541 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ආර්.කේ.කේ.ටී. බණ්ඩාර විසින් පිළිගනු ලැබු අතර අනතුරුව ආඥාපතිතුමන් විසින් පැවති කෙටි උත්සවයකදි ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරමින් කඳවුරු පිරිශ්‍රයේ සංචාරයකද නිරතවූ අතර එහිදි පැලයක්ද රෝපනය කරන ලදි.

අනතුරුව උයිලන්කුලම්හි පිහිටි 542 බලසේනා මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද නිවාස සංකීර්ණය හා අවහන් හල ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් යුද්ධ හමුදා සාමාජිකයින් වෙත නිල වශයෙන් භාරදෙන ලදි.

එහි සපැමිණි ආඥාපතිතුමන් 542 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අයි.එම්.එන්.ආර්.කේ. හේරත් විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර එහිදි ආඥාපතිතුමන් හට එම බලසේනාවේ භට පිරිස් විසින් සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි. පසුව එතුමන් විසින් එම මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද නිවාස සංකීර්ණය හා අවන්හල විවෘත කරනු ලැබීය.

541 හා 542 බලසේනා මූලස්ථානයන්හි මග පෙන්වීම යටතේ කල්ලඩි හා උයිලන්කුලම යන ප්‍රදේශවල ඉදිකරනු ලැබූ ගොඩනැගිලි සංකීර්ණ ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරන ලදි.

මෙම අවස්ථාව සඳහා 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ජී.එච්.එස්. බණ්ඩාර, 541 හා 542 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුවන් වන බ්‍රිගේඩියර් කේ.ආර්.කේ.කේ.ටී. බණ්ඩාර සහ කර්නල් අයි.එම්.එන්.ආර්.කේ. හේරත්, බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන නිලධාරී කර්නල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන්, 54 වන සේනාංකයේ කර්නල් ප්‍රධානි කර්නල් ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.වී.ආර් පාලමකුඹුර සහ 54 වන සේනාංනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නිලධාරීන් මෙන්ම මෙහි ඉදිකිරිම් කටයුතු සිදු කළ ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක්ද එක්විය. spy offers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger