Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2019 13:03:37 Hours

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය හමුදාධිපති යුද්ධ හමුදා මූලස්ථානයේදි ඒකාබද්ධ මෙහෙයුම් පිළිබඳ සාකච්ඡාවක

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ ක්‍රියාන්විත නියෝජ්‍ය ප්‍රධානි මේජර් ජෙනරාල් රොජර් නෝබල් (Major General Roger Noble) ඇතුළු ඕස්ට්‍රේලියානු නාවික හමුදා සාමාජිකයින් 1000 කට අධික පිරිසක් ‘HMAS Canberra’ ඕස්ට්‍රේලියානු නෞකාවෙන් ඕස්ට්‍රේලියානු සහ ශ්‍රි ලංකා 2019 ඉන්දු-පැසිෆික් ආරක්ෂක ගිවිසුමට අනුව කොළඹ වරාය වෙත පැමිණ ඇත. අනතුරුව ඕස්ට්‍රේලියානු සන්නද්ධ හමුදාවේ යුද හා ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් බ්‍රහස්පතින්දා (28) දින කොළඹ පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම හමුව අතරතුර, යුද්ධ හමුදාධිපතිවරයා ඔවුන්ගේ පැමිණිම වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අතර ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවන් හා ශ්‍රී ලාංකිකයින් එක්ව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඕස්ට්‍රේලියානු නිලධාරී වෙත සුහදත්වය සංකේතවත් කරමින් සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබීය.

එම සංචාරයේ නිරතවූ මේජර් ජෙනරාල් වරයාගේ අධි සහයක වන කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානී ගෲප් කපිතාන් සීන් උන්වින්ද (Group Captain Sean Unwin) ඒම අවස්ථාවට එක්විය. Best Sneakers | Nike News