Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2019 18:12:13 Hours

යුද්ධ හමුදා රථ වාහන සඳහා දුම් පරික්‍ෂාවක්

යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ තුමන්ගේ උපදෙශ් මත මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ නියෝජිතයින් පිරිසක් විසින් පැවරුම් සඳහා පුහුණුව ලැබූ යුද්ධ හමුදා නිලධාරීන් 56 දෙනකුන් හට වාහන දුම් පරීක්ෂණ සිදු කිරීමේ නව වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රයෝගික දැනුමක් ලබාදී ඇත.

යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ කර්නල් හිරෝස වනිගසේකරගේ නව ප්‍රවේශයක් ලෙස මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදි. එමගින් පෞද්ගලික ආයතන විසින් සිදු කරනු ලබන දුම් පිරික්‍ෂාව සිදුකිරිමට හැකියාව ඇත.

අනතුරුව මෙම පුහුණු වැඩමුළුව සඳහා සහභාගිවූ සාමාජිකයින් 56 දෙනා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු වැඩබිමට, ස්වාධීන බලඝනවලට, මුලස්ථානයන් හා සේනාංක වලට අනුයුක්ත කර යුද්ධ හමුදාවේ මේ වන විට භාවිතා කරන සියළුම වහන සඳහා මෙම දුම් පරීක්‍ෂාව සිදු කිරිමට නියමිතව ඇත.

ගැසට් නිවේදනයක් මගින් පරිසර දූෂණය අවම කර ගැනීමට සහය වීම සඳහා මෙම දුම් පරික‍‍්‍ෂාව සිදු කර සහතිකපතක් ලබා ගැනීමට කටයුතු කරන මෙන් මෙරට තුළ වහන භාවිතා කරන සියලුම අයවළුන් හට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව සෑම යුද්ධ හමුදා රථයක් සඳහාම යුද්ධ හමුදා විසින් සිදු කරනු ලබන දුම් පරීක්ෂණාගාරයන්හීදි එවැනි දුම් පරීක්ෂණක් සිදුකිරීමට දැන් අවස්ථාව හිමිවී ඇත. Best Authentic Sneakers | Nike Shoes