Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2019 10:03:37 Hours

මෙවර ජිම්නාස්ටික් ශූරතාවලිය ගැමුණු හේවා රෙජිමේන්තුවට

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජිම්නාස්ටික් ශූරතාවලිය - 2019 සුගතදාස ගෞහස්ථ ක්‍රීඩාංගනයේදි මාර්තු 27 සහ 28 යන දෙදින පුරා පැවැත්විය.

මෙම තරගාවලියේ අවසන් දින ත්‍යාග ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා (28) දින පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගිවිය.

මෙවර තරගාවලිය සඳහා රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් තරගකරුවන් 61 දෙනෙකු තරග වැදුණු අතර, එහි ශූරතාවය ගැමුණු හේවා රෙජිමේන්තු ජිම්නාස්ටික් කණ්ඩායම දිනා ගැනීමට සමත්වූ අතර රෙජිමේන්තු කණ්ඩායම් ශූරතාවයද හිමිකර ගැනිමට ගැමුණු හේවා බලඇණි කණ්ඩායම සමත්ව ඇත.

මෙහිදි ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ සහ යුද්ධ හමුදා ජිම්නාස්ටික් කමිටු සභාපති කර්නල් ලංකා අමරපාල විසින් පදක්කම් සහ කුසලාන මෙන්ම සහතිකපත් ප්‍රධානය කිරිම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් හට ආරාධනා කළහ.

මෙම අවස්ථාවේදි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් හා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ සුදසිංහ විසින් ප්‍රදාන ආරාධිත අමුත්තා පිළිගනු ලැබීය.best Running shoes | adidas poccnr jumper dress pants size