Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th March 2019 12:17:21 Hours

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සිට යාපනය අර්ධද්වීපය දක්වා මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරඟාවලියක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටු සභාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද මෙම තරඟාවලිය යාපනයේ ඉතිහාසයේ ප්‍රථම වරට උතුරු වාසීන් හට නව අත්දැකීමක් සහිත දිනයක් විය. පසුගිය සෙනසුරාදා (23) දින 'Northern Speed Rally-2019'  මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය යාපනයේ තෝරාගත් මාර්ග කිහිපයක තරඟාවලිය පැවැත්වුනු අතර තරඟාලිය නැරඹීම සඳහා යෞවන යෞවනියන් සහ විවිධ තරාතිරම් වල ප්‍රේක්ෂකයන් ධාවන පථය දෙපස පෙළ ගැසි සිටිනු දක්නට ලැබීය.

යාපන‍ය ආරක්ෂක සේනා මූලස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා කමිටුව, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන සංගමය සහ යාපනය මෝටර් රථ ක්‍රීඩා සමාජය සමග එක්ව යාපනය අර්ධද්වීපයේ මෙම 'Northern Speed Rally-2019' තරඟාවලිය පසුගිය 22 සිට 24 දින දක්වා පැවැත්වෙනු ලැබීය. විශේෂයෙන්ම මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරඟාලියන් සඳහා උද්යෝගීමත් ක්‍රීඩා ලෝලීන් අතර මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරඟාවලියන් ප්‍රචලිත කිරීම සඳහා මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.

මෙම තරඟාවලියේ සමාරම්භක උත්සවය පසුගිය සිකුරාදා (22) දින යාපනයේ නගරාධිපති එමානුවෙල් ආනෝල්ඩ් (Mr Emmanuel Arnold) මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය නගර සභා ක්‍රීඩාංගණයේ දී නිල වශයෙන් ආරම්භ විය.

මෙම තරඟාවලියේ තවත් එක් වීශේෂ අවස්ථාවක් ලෙස මෝටර් රථ ධාවන සංගම්වල නිලධාරීන් සඳහා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මෝටර් රථ ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඔවුන් මෝටර් රථ සංදර්ශනයක් පවත්වනු ලැබිනි. පසුගිය සෙනසුරාදා (23) දින පවත්වනු ලැබූ මෙම තරඟාවලිය සඳහා ජනප්‍රිය මෝටර් රථ රියදුරන් 13 දෙනෙක් සහ යතුරු පැදි ධාවකයින් 10 දෙනෙක් මෙන්ම යුද්ධ හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගිවිය. එහිදි පළමු අදියරය වෙත්තලකර්නී ප්‍රදේශයේ මාර්ග බාධක සහිත ධාවන පථයේ තරඟ වැදුණි.

පසුගිය ඉරිදා (24) දින පැවති දෙවැනි අදියර අවසානයේදී යාපනය නගරයේ පිහිටි ක්‍රීඩාංගනයේදී පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණි මෝටර් රථ ධාවකයින් සහ යතුරුපැදිකරුවන් විසින් ඉදිරිපත් කළ අති උත්කර්ශවත් සංදර්ශනයෙන් යාපනය ප්‍රදේශවාසීන් ආකර්ශනය කරගත්හ. මෙම වැඩසටහනේ අවසානය සනිටුහන් කිරීම සඳහා  යාපනය ආරක්ෂක සේනා ආඥාපති, යාපනය නගරාධිපති එමානුවෙල් ආනෝල්ඩ් (Mr. Emmanuel Arnold) මහතා,  51, 52 සහ 55 සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරින්, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන සංගමයේ සභාපති ටස්වාන් අහමඩ් (Mr. Tzwan Ahmad) මහතා, යාපනය මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති පරනේෂ් (Mr. Pararnesh) මහතා සහ මෝටර් රථ ක්‍රීඩා සමාජිකයින් මෙන්ම හමුදා සහ පොලිස් නිලධාරීන්, සිවිල් වැසියන්, මෝටර් රථ ධාවකයින් සහ යතුරුපැදිකරුවන් සහභාගී වී සිටියහ.

මෙම වැඩසටහනට සමගාමීව 55 වන සේනාංකයේ නිලධාරීන් සහ මෝටර් රථ ධාවන සංගමයේ නිලධාරීන් එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසු සිසුවියන් 150 දෙනෙකු සඳහා පාසල් බෑග් සහ ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.Running sneakers | Sneakers