Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th March 2019 10:56:24 Hours

අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හී තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කෙරේ

යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් තිරියාය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් අක්කර 03 ක්, පෙරියානිලවේලීන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 0.5 ක්, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සහ තිරුක්කෝවිල් ප්‍රදේශයේ ඉඩම් අක්කර 02 ක් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ගරු එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සහ සහකාර දිස්ත්‍රික් ලේකම් ගේ ප්‍රධානත්වයෙන් සඳුදා (25) දින ත්‍රිකුණාමලය ආණ්ඩුකාරවරයාගේ කාර්යාල‌‌ෙය් දී පැවති කෙටි උත්සවයකදී නිදහස් කිරීමට නියමිත ඉඩම් සඳහා වූ නිල ලේඛණ සංකේතාත්මකව භාරදෙන ලදි.

අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන් හි ජිවත් වන සිවිල් වැසියන් හා ආරක්ෂක හමුදාව අතර සුහදත්වය සහ සංහිදියාව තව දුරටත් ප්‍රවර්ධනය කරමින් මෙම ව්‍යාපෘතියේ 04 වන අධියර යටතේ සිවිල් වැසියන් හට ඉඩම් නිදහස් කිරිමේ රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නැගෙනහිර ආරක‍්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අනුර ජයසේකර විසින් පැහැදිලි කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් ජේ.ඒස්.ඩී.ඒම්.ඒ අභයවර්ධන මහතා , ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර දිස්ත්‍රික් ලේකම් ඒන් ප්‍රදීපන් මහතා, අම්පාර දිස්ත්‍රික් සහකාර ලේකම් සි. යු නානායක්කාර මහතා, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ, නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්ද, 221 වන බළසේනාවේ බළසේනාධිපති කර්නල් ප්‍රියන්ත කාරියවසම් ඇතුළු ප්‍රතිලාභීන් සහ රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙක් එක්ව සිටියහ.Mysneakers | Nike Dunk - Collection - Sb-roscoff