Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th March 2019 10:50:55 Hours

6 වන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය දියතලාවේදි අඟහරුවාදා (26) දින අරම්භ විය

ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සති දෙකක කාළයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාසය හෙවත් 6 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය අඟහරුවාදා (26) දින දියතලාවේ පිහිටි 1 ගැමුණු හේවා බළඇණි කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි. මෙම යුධ අභ්‍යාසය සඳහා ඉන්දීය යුද්ධ හමුදා සමාජිකයින් 120 ක පමණ පිරිසක් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාස වැඩසටහනේ අරමුණ වනුයේ යුධ උපක්‍රම පිළිබඳව දෙරට අතර ඇති දැනුම හුවමාරු කර ගැනීමයි. එහිදි පාබල අවි ආයුධ ඵලදායී ලෙස යොදා ගැනීම, පාබල හමුදා තාක්‍ෂනය, ප්‍රති ත්‍රස්ථ විරෝධි ක්‍රියාවන්, කුඩා කණ්ඩායම් මෙහෙයුම්, දිගුදුර මෙහෙයුම්, ත්‍රස්තවාදී සැඟවුනු බෝම්බ ප්‍රහාර, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හා දෙරට අතර වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව පුහුණු අභ්‍යාසයන් පැවැත්වේ.

6 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ මඟපෙන්වීම මත අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ නායකත්වයෙන් යුතුව 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර ජයපතිරණ ගේ අධීක්‍ෂණයෙන් හා එම සේනාංකයේ නිලධාරීන් පිරිසකගේ සහයෝගය ඇතිව පැවැත්වේ.

ඉන්දියානු හමුදා කාර්ය බලකායේ සාමාජිකයින් වන කර්නල් පර්තසාර්තී රෝයි (Parthasarathy Roy), කර්නල් සොම්බිට් ගෝෂ් (Colonel Sombit Gosh), මේජර් පුජාම් මන්හස් (Major Pujam Manhas) සහ මේජර් රෝහිත් කුමාර් ත්‍රීපති (Major Rohith Kumar Tripathi) යන නිලධාරීන් පිරිස සදුදා (25) දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් තොටුපළේ දී අභ්‍යස අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කුමාර ජයපතිරන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව ඉන්දියානු යුද්ධ හමුදා නිලධාරීන් පිරිස දියතලාව දක්වා යන ගමන අතරතුර දී 1980 වර්ෂයේ අග භාගයේදී ශ්‍රී ලංකාව තුළ පැවති ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ජීවිත පූජා කළ ඉන්දිය සාම සාධක හමුදා සාමාජිකයින් වෙනුවෙන් බත්තරමුල්ලේ ඉදිකර ඇති ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකය වෙත ගෞරව අචාරය පුද කිරිමටද අමතක නොකළහ.jordan release date | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today