Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th March 2019 15:10:03 Hours

දියතලාවේදි 6 වන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය ආරම්භවිය

ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සති දෙකක කාළයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාශය හෙවත් 6 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාශය අඟහරුවාදා (26) දින දියතලාවේ පිහිටි 1 ගැමුණු හේවා බළඇණි කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි. මෙම යුධ අභ්‍යාශය සඳහා ඉන්දීය යුද්ධ හමුදා සමාජිකයින් 120 ක පමණ පිරිසක් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති මෙන්ම අභ්‍යාශ අධ්‍යක්‍ෂ ලෙස තවත් නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහය ඇතිව කටයුතු කරන බ්‍රිගේඩියර් කුමාර ජයපතිරණ සහභාගී වූ අතර, 6 වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාශයේ සමාරම්භය සනිටුහන් කරමින් ඉන්දීය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අභ්‍යාශ අධ්‍යක්‍ෂ වෙත පෙළපාලියක් පිරිනැමු අතර පසුව එතුමන් විසින් ඔවුන් අමතන ලදි.

එම අවස්ථාවේ පැවති සමාරම්භක උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 11 ක් හා සෙසුනිලයින් 109 දෙනෙකු මෙන්ම ඉන්දීය යුද්ධ හමුදා නිලධාරීන් 10 ක් හා සෙසු නිළයින් 110 දෙනෙකු සහභාගිවිය. එහිදි ඔවුන් සමූහ ඡායා රූපයකටද පෙනිසිටියහ.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගිවිය.Nike air jordan Sneakers | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!