Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th March 2019 15:58:28 Hours

බාහිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වන්නි ප්‍රදේශයේ සංචාරයක

2019 අප්‍රේල් මස විශ්‍රාම යෑමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් කේ.පි සුමනපාල නවතමයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍ෂෙත්‍ර හමුදා රෝහලේ කාර්යභාරය නිරික්ෂණය කිරිම සඳහා සෙනසුරාදා (23) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවූ අතර එහිදි රෝහල් කාර්යය මණ්ඩලය අමතමින් කෙටි දේශනයක්ද පවත්වන ලදි.

මෙහිදි මේජර් ජෙනරාල් කේ.පි සුමනපාල වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන ක්‍ෂෙත්‍ර හමුදා රෝහලේ අණදෙන නිලධාරී කපිතන් වෛද්‍ය අකලංක රත්නසේකර ගේ මෙහෙයවීම යටතේ රෝහල් කාර්යය මණ්ඩලය කැපවීමෙන් වැඩකරන ආකාරය පිළිබඳව නිරික්ෂණය කළහ.

එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කැපවීමෙන් සේවය කරනු ලබන සියලුම නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ඔහු සිය අවංක ස්තුතිය පුද කළේය.

මේජර් ජෙනරාල් කේ.පි සුමනපාල රෝහල අලුත්වැඩියා කිරීම සහ නවීන පහසුකම් වලින් සන්නද්ධ කිරීම වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා හට සිය ස්තුතිය පුද කළහ.Running sneakers | Nike Air Max