Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th March 2019 14:55:47 Hours

ඇමෙරිකානු තානාපතිනිය යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සාකාච්ඡාවක

ඇමෙරිකානු එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ගරු ඇලිනා බී ටෙප්ලිට්ස් (HE Alaina B Teplitz) බ්‍රහස්පතින්දා (28) දින කොළඹ පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ඇමෙරිකානු තානාපතිනිය, යුධ සේවා ලේකම් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව සුහද පිළිසඳරක නිරතවෙමින් යුද්ධ හමුදා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය, මානුෂීය සිවිල් යුද ව්‍යාපෘතිය, ජාතිය ගොඩනැගීම, ඉඩම් නිදහස් කිරීම හා සංවර්ධන ව්‍යාපෘති සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය පිළිබඳ සාකාච්ඡා කළහ.

මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඇමෙරිකානු තානාපතිනිය වෙත සුහදත්වය සංකේතවත් කරමින් සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රධාන ආරක්ෂක නිලධාරී ලුතිනන් කර්නල් ඩග්ලස් හේස් (Lieutenant Colonel Douglas Hess) සහ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ද එක්විය. තානාපතිතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් නික්ම යාමට පෙර සමරු සටහන් පොතේහිද සටහනක් තැබීය.Adidas footwear | Nike Shoes