Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th March 2019 10:45:35 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා ඔරුපැදීම හා රුවල් ඔරු පැදීමේ ශූරයින් දිරිගන්වයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඔරු පැදීමේ හා රුවල් ඔරු පැදීමේ සංගමය විසින් බදාදා (27) දින පවත්වනු ලැබූ ඔරු පැදීම හා රුවල් ඔරු පැදීමේ ජාතික ශූරතාවලිය - 2019 තරඟාවලියේ වයස අවුරුදු 23 පහල බාලක තරඟයේ ජාතික ශූරතාවය හා විවෘත ජාතික ශූරතාවය දිනාගැනීමට යුද්ධ හමුදා කණ්ඩායම සමත්වී ඇත.

දියවන්නා ඔය පරිශ්‍රයේ පුහුණු වෙමින් සිටි ක්‍රිඩකයින්, බොහෝ ප්‍රවීන ක්‍රීඩකයින් හා පුහුණු කරුවන් සමඟින් වෝටර්ස් ‘එජ් හෝටලයේදි’ යුද්ධ හමුදාධිපතිතුමන් කෙටි පිළිසඳරක නිරතවෙමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ විමසන ලදි. අනතුරුව තරඟාවලිය සඳහා සහභාගී වීමට පෙර ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ සුදසිංහ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් හට ක්‍රීඩකයිකන් හදුන්වා දුන්හ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඔරු පැදීමේ හා රුවල් ඔරු පැදීමේ සංගමයේ සභාපති පී.ටී. පෙරේරා මහතා, ජාතික කණ්ඩායම් කළමනාකරු දනුන තිලකරත්න මහතා, යුද්ධ හමුදා ඔරු පැදීමේ හා රුවල් ඔරු පැදීමේ සංගමයේ සභාපති මෙන්ම විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති කර්නල් විපුල ඉහලගේ, යුද්ධ හමුදා ඔරු පැදීමේ හා රුවල් ඔරු පැදීමේ සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් අසංග පෙරේරා හා මේජර් වසන්ත දිසානායක ඇතුළු පිරිසක් එක්විය. Best Nike Sneakers | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta