Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2019 01:20:51 Hours

කිළිනොච්චි ප්‍රදේශයේ ධීවර ප්‍රජාව වෙනුවෙන් ගෘහ උපකරණ සහ පාසල් උපකරණ තොගයක් බෙදාදේ

කිළිනොච්චියේ පිහිටි කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහය ඇතිව කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මුලස්ථානයේ සම්බන්ධීකරණයෙන් යුතුව රාමනාදම්පුරම් හි ඉරණමඩු නැගෙනහිර ධීවර සමිතියේ ධීවර පවුල් 75 ක් සඳහා ගෘහ භාණ්ඩ හා පාසල් උපකරණ තොගයක් බ්‍රහස්පතින්දා (21) දින බෙදාදෙන ලදි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 573 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් මෙම අවස්ථාව සංවිධානය කරන ලදි.

මෙම අවස්ථාවේදි පාසල් පොත්, ඇද ඇතිරිලි සහ කොට්ට තොගයන් බෙදාදෙන ලදි. Nike shoes | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ